ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ මාෆියාවට,මුහුණ දීමට ලෑස්තියි-අමාත්‍ය වෛද්‍ය රාජිත සේනරත්න

    දෙසැම්බර් 10, 2015

    ඖෂධ මාෆියාවක් තිබෙනවා. මේ මාෆියාවට, මුහුණ දීමට මම ලෑස්තියි .පෞද්ගලික වෛද්‍ය සේවය කළමනාකරණය කළ යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනරත්න මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ,අද (10) පාර්ලිමේන්තුවේ දී කරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි දිනය වන අද දින කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය,සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     

    වසර2012 සිට මේ රටේ මැලේරියා රෝගය නෑ. ඉදිරි අවුරුදු කීපයකින් බරවා රෝගයත් තුරන් වෙනවා. ක්ෂය රෝගය පහළ වැටී තිබෙනවා.

    එච්.අයි.වී. ආසාදනය වූ පුද්ගලයින් 2247ක් වාර්තා වෙනවා. සෑම වසරකම එය වැඩි වෙනවා. තරුණයගේ රුධිර පරික්ෂාව කර මෙයින් තරුණ පරපුර බේරාගැනීමට ක්‍රියා කරනවා.

    අද සියයට සියයක් ප්‍රතිසක්තීකරණය ගෙනැත් තියෙනවා.උතුරු ප්‍රදේශයේ යුද්ධය පැවැති කාලයෙත් ප්‍රතිසක්තීකරණය ගෙන ගියා.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මෙරාට් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ දියුණු රටවලට ගත හැකි රෝල් මොඩලයක් කියලා.

     

    බෝ නොවන රෝග අද විශාල ප්‍රශ්නයක්.මේ නිසා සියයට 65%ක් රෝගීන් මිය යනවා.මේ රෝගවලින් මිදෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 200ක ආධාර ලබාදී තිබෙනවා.

    අපි දුම්කොළ පනත ගෙනාවා. ඖෂධ පනත ගෙන එන්නට මට හැකි වුණා. දැන් කෝ ඖෂධ පනත කියලා අහනවා.පනත හැදුවට අපිට අධිකාරියක් නැතුව බෑ.දැන් ඖෂ්ධ අධිකාරියක් පිහිටුවලා තිබෙනවා.

    දැන් රෙගුලාසි සැකසිය යුතුයි.ඉන් පසුව ඇතැම් ඖෂධවල මිල සියයට 85%කින් පහළ යනවා.ඉදිරියේ දී පාරිබෝගික අධිකාරිය වගෙ රටපුරා දුවන්න හැකි ලෙස කටයුතු සකස් කරන්න ඕන. ඒ සඳහා ඖෂධවේදීන් අවශ්‍යයි.


    බෙහෙත් නෑ කියලා කියනවා.ඒක සාමාන්‍ය කතාවක්.බෙහෙත්වලට බිලියන 40ක් වියදම් කරනවා. මම සොයා බැලුවා
    වසරකට මිලියන 300ක කල් ඉකුත් වූ බෙහෙත් විනාශ කරනවා. දැන් ඖෂ්ධ හිඟයක් නෑ.


    රෝග නිරීක්ෂණය සහ රෝගීන් පරික්ෂාව රජයේ රෝහල්වලින් සිදු කෙරෙනවා.කොළඹ ජාතික රෝහලේ අවට ලේ පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන තිබුණා,හරියට කිරි එකතු කරන මධ්‍යස්ථාන වගේ.මම මිලියන 15ක ඔටෝ ඇනලයිසර් එකක් අරන් දුන්නා.අද ජාතික රෝහලේ ලේ පරික්ෂාව එළියේ කරන්න බෑ.තවමත් ඕ.පී.ඩී. එකෙන් එළියට එනකොට ලේ පරික්ෂා කිරීම්වලට හසුවෙනවා. ඒ සඳහාත් අවශ්‍ය කටයුතු කරනවා.ඉදිරියේ දී ලැබ් එකක් තිබෙන සෑම රෝහලකටම ඔටෝ ඇනලයිසර් ලබාදෙන්න කටයුතු කරනවා.වසර 2016 දී රෝගීන්ගේ රෝග පරික්ෂාව, ලේ පරික්ෂාව සෑම රෝහලකින් ම සිදු කිරීමට කටයුතු කරනවා.

     

    අද රෝහල් 21ක රාත්‍රි 10.00 තෙක් බාහිර රෝගී අංශ විවෘතව තිබෙනවා.රාත්‍රි 8.00 වන තෙක් විවෘතව තිබෙන රෝහල් අටක් තිබෙනවා.මෙවැනි නිදහස් සෞඛ්‍ය සේවයක් කොහෙද තියෙන්නේ.මෙවැනි සේවයක් කොහෙවත් නෑ.අපිට අවශ්‍ය මිනිසුන් සුව කරන්න. ඉදිරියේ දී අපේ සේලයින් සෑම රෝහලකටම ලබාදෙනවා.හොරණ සහ කටුනායක කර්මාන්තශාලා දෙකක් හදනවා.


    ඖෂධ මාෆියාවක් තිබෙනවා. මේ මාෆියාවට, මුහුණ දීමට මම ලෑස්තියි.තවත් සමාගම් 56ක් ආයෝජන සඳහ කත කර
    තිබෙනවා. අපිට ඕන මිනිස්සුන්ට සේවය කරන්න, මහාචාර්ය,ආචාර්ය පට්ටම් නොවේ.

    වෛද්‍යවරුන්ට රුපියල් 20,000ක් වැටුපට වැඩි වුණා. වාහන බලපත්‍රය ගැන කතා කරනවා.හෙද සේවයට රුපියල් 3000ක් වැඩි කළා.

    පෝෂණ වැඩසටහන සඳහා සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් බිලියන 13ක් ලබාදී තිබෙනවා.සියලු පාසල්වල වසර 2016අ දී
    හොඳ ආහර වැඩපිළිවෙලක් ගෙන යනවා බෝ නොවන රෝග වැළැක්වීමට.

    පෞද්ගලික වෛද්‍ය සේවය කළමනාකරණය කළ යුතුයි. මේකේ වෙනසක් ඇතිවිය යුතුයි.ආයුර්වේදය තිබෙන්නේ කුණු මුල්ලක. ආයුර්වේදය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම, බටහිර වෛද්‍ය ක්‍රමයට ආයුර්වේදයටත් වෛද්‍ය සභවක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ආයුර්වේද පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya