ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යහපත් සමාජයක පදනම ගොඩනැගෙන්නේ බෞද්ධ දර්ශනය මතයි – ජනපති

    අප්‍රේල් 24, 2016

    මතුගම, ඕවිටිගල, බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරණ ලද අවුකන පිළිම වහන්සේගේ අනුරුව රැගත් දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ පැවැත්විණි.

    අඩි 135 ක් උසින් යුත් මෙම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පළාත් සභා මන්තී‍්‍ර ජගත් පින්නගොඩ විතාන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කර තිබේ.

     

    බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම මල් පූජාව සිදු කරමින් එය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කිරිම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ යහපත් සමාජයක පදනම ගොඩනැගෙන්නේ බෞද්ධ දර්ශනය මත බවයි. අද ලෝකයේ බොහෝ ක්ෂේත‍්‍රවල විශේෂඥයින් පවා බුදු දහම සොයා එන තත්ත්වයට පත්ව ඇත්තේ එහි වටිනාකම මැනවින් අවබෝධ කරගෙන සිටින නිසා බව ද සඳහන් කළේය.

     

    ධර්මය රකින්නා ධර්මයෙන් ආරක්ෂා වන බව සඳහන් බුදු වදන නිතර සිහියේ තබා ගනිමින් බෞද්ධ දර්ශනය අනුව තම ජීවිත හැඩගස්වා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

     

    මතුගම, ඕවිටිගල, බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ නා පැලයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, අර්ජුන රණතුංග, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවපි‍්‍රය යන මහත්වරුන් ද ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya