ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැයි පළමුවැනිදායින් පසු රටේ නව දේශපාලන වැඩපිළිවෙළක්

    අප්‍රේල් 26, 2016

    එළැඹෙන මැයි පළමුවැනිදායින් පසු රටේ නව දේශපාලන වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එමෙන්ම රටේ සහ ජනතාවගේ යහපත උදෙසා නව දේශපාලන තීන්දු රැසක් ගැනීමට මැයි පළමුවැනිදායින් පසු තමා තීරණය කර තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    රටේ ජනතාවගේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් දුෂණයෙන්, වංචාවෙන් තොරව රට ඉදිරියට ගෙන යාම සහ වංචා, දුෂණ සිදු කරමින් රාජ්‍ය වත්කම් සහ බලය අනිසිලෙස භාවිතා කළ දුෂිත පාලනයන් නැවත රටේ බලයට පැමිණීම වැළැක්වීමට එම තීන්දු තීරණ වැදගත්වනු ඇති බවටද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

    ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ  ඊයේ (25) පෙරවරුවේ මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.

    නිදහස් රටක් මෙන්ම පිරිසිදු දේශපාලනයක් සඳහා වූ අපේක්ෂා පෙරදැරිව නව රජය බලයට පත් කිරීමට ඡන්දය භාවිතා කළ ජනතාවගේ අපේක්ෂා බිඳ වැටීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට රට තුළ තහවුරු වී ඇති අයිතිය තුළ කුමන ආකාරයේ විවේචන සිදු කළද රටේ ආර්ථිකය ගොඩනගමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය ශක්තිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අද ශී‍්‍ර ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙලට ජාත්‍යන්තරයේ ඉහළම සහයෝගය හිමිව ඇති බවත්, ලෝක බලවතුන් හත් දෙනාගේ සමුථවට ඉතිහාසයේ පළමු වතාවට ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයාට ආරාධනා ලැබුනේ ශී‍්‍ර ලංකාව දියුණු කිරීමට ඔවුන්ගේ අත හිත ලබාදීම වෙනුවෙන් බවත් ජනාධිපතිතුමා පැවසීය.

    එමෙන් ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා එරට ප‍්‍රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් සමඟ ලබන මසදී ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සහයෝගයන් පිලිබඳ සොයා බැලීමට ඉරාන රජයෙන් ද කඩිනම් සංචාරයක් සඳහා තමාට ආරාධනා ලැබී ඇති බව කියා සිටියේය.

    රාජ්‍ය දේපළ, රාජ්‍ය වත්කම් අනිසි ලෙස භාවිතා කරමින් වංචා දුෂණ සිදු කිරීමට කිසිවෙකුට ඉඩක් ලබා නොදෙන අතර ඒ පිළිබඳ පැමිණිලි ලැබුනහොත් තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    ජලය පිරිසිදු කිරීමේ උපකරණ මෙන්ම නව ජල සම්බන්ධතා සංකේතාත්මකව ජනතාව වෙත පිිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය රවුෆ් හකීම්, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සිඩ්නි ජයරත්න, සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya