ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බලයෙන් ජනතාව ශක්තිමත් කළ යුතුයි- ජනපති

    මැයි 10, 2016

    බලය ලබාගන්නා, බලය භාවිතා කළ යුත්තේ, බලය ශක්තිමත් කර ගැනීමට නොව තමන්ට බලය ලබාදුන් ජනතාව ශක්තිමත් කිරීමට බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනතාව ලබාදෙන බලය, තම බලය ශක්තිමත් කර ගැනීමට සහ අන් අයගේ බලය විනාශ කිරීම උදෙසා භාවිතා කරන දේශපාලනඥයින් අතර කිසිදා බලය අනිසි ලෙස භාවිතා නොකළ ලලිත් ඇතුලත්මුදලි වැනි චරිත මහා ආදර්ශයක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ගුණ සමරමින් ඊයේ (09) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයේ ප‍්‍රධාන ගුණ සමරු දේශනය සිදු කරමිනි.

    ජනතා හදවත් තුළ එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් නොමැකෙන චරිතයක් වූ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා කිසිඳා තම බලය, බලය ශක්තිමත් කර ගැනීමට භාවිතා නොකළ අතර ඳුෂණය, වංචාව සහ අක‍්‍රමිකතාවය මෙන්ම රාජ්‍ය දේපළ තම සුඛ විහරණය ස`දහා භාවිතා නොකළ ආදර්ශමත් දේශපාලනඥයෙක් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    නිදහසින් පසු රටේ බිහි වූ දේශපාලන චරිත අතුරින් අවංක, සැබෑ මානව හිතවාදියෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා එදා පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය සහ සිදු කරන ලද ප‍්‍රකාශ අද දේශපාලඥයින්ට මහා ආදර්ශයක් ගෙන දෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එතුමා ආරම්භ කළ ව්‍යාපෘති අතර මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන එතුමාගේ නාමය සැමදා ජනතා හදවත් තුළ සනිටුහන් කළ ව්‍යාපෘතියක් බව පැවසූ ජනාධිපතිතුමා එදා මෙදා තුර බලයට පැමිණි සෑම රජයක්ම එය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ආ බව ද සිහිපත් කළේය.

    මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, කතානායක කරූ ජයසූරිය, ලලිත් ඇතුලත්මුදලි පදනමේ සභාපති මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ විද්වත් පිරිසක් ද, දයන්ත ඇතුලත්මුදලි මහතා ඇතුළු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයින් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya