ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සෑම ගොවිජන සේවා බල ප‍්‍රදේශයකම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක්

    මැයි 11, 2016

    සෑම ගොවි ජන සේවා බල ප‍්‍රදේශයකම රජයේ උපදෙස් මත ගොඩනැගෙන සහ ගොවි ජනතාව නායකත්වය ගන්නා කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙතෙක් බිහි වූ සෑම ආණ්ඩුවක්ම කටයුතු කළ ද ගොවිජන ජීවිත සුරක්ෂිත කිරීම සහ නිරෝගිමත් ගොවි පවුලක් ගොඩනැඟීම පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු නොවූ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ගොවි ජන ජීවිතය සුරක්ෂිත කිරීම යන කාර්යයන් දෙකම ඉටු කිරීමට වත්මන් රජය උර දී සිටින බව ද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගොවීන් සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් මුදල් ලබාදීමේ ජාතික වැඩසටහනට සහ වස විස නැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මාකදුර කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ලද කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ටතා කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10) පෙරවරුවේ එක් වෙමිනි.

    රසායනික පොහොරවලට තිත තබා කාබනික පොහොර භාවිතය ඇරඹිමේ ජාතික වැඩසටහන රජය ආරම්භ කළේ වස විසෙන් තොර ආහාරවලින් රට ස්වයංපෝෂිත කරන අතරම වකුගඩු රෝගයට ගොදුරු වූ රටේ අහිංසක ගොවි ජනතාව ඉන් ගලවාගෙන ඔවුන් නිරෝගීමත් ගොවි ජනතාවක් ලෙස ගොඩනැගීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    එහෙත් එම වැඩපිළිවෙළ ගොවි ජනතාවගේ වරප‍්‍රසාද උදුරා ගන්නා වැඩපිළිවෙළක් ලෙස හඳුන්වාදිමට ඇතැමුන් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා කුමන ආණ්ඩුවක් වුව ද හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ විට ඊට විරුද්ධව පටු දේශපාලන න්‍යාය පත‍්‍රයන් කි‍්‍රයාත්මක වන බවත් ,ගෙදරටම රසායනික පොහොර ගෙන දෙන බවට, ඊළඟ මැතිවරණයේදී ඇතැමුන්ගේ මැතිවරණ ප‍්‍රකාශනවලට ඇතුළත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවත් කියා සිටියේය.

    ජනතාව නොසන්සුන් කරන, බලය සඳහා සියල්ල කරන දේශපාලන න්‍යාය පත‍්‍රවලට නොරැවටී රටේ අනාගතය වෙනුවෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසද මෙහිදී ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා පරිපෝෂිතයින් බවට පත් නොවී ස්ව ශක්තියෙන් ඉදිරියට යන ජාතියක් ලෙස නැඟී සිටීමට එක්වන ලෙස ද ආරාධනා කළේය.

    2007 වසරේ කාබනික පොහොර අධිකාරිය ස්ථාපිත කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා ආරම්භ කළ ,අපි වවමු රට නගමු, ජාතික වැඩසටහන ශක්තිමත් කර ගැනීමට පැවතී රජය අත ලබාදුන්නා නම් මේ වන විට ,වස විසෙන් තොර ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ, රට තුළ ජයග‍්‍රහණය කර අවසන් බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කාබනික පොහොර අධිකාරියට අය වැයෙන් ලබාදුන් ප‍්‍රතිපාදන වසරින් වසර අඩු කිරීම සහ ගොවි මහත්තුරු සමඟ කටයුතු කළ තමාට දොස්තර මහත්තුරු සමඟ කටයුතු කිරීමට සිදුවීම හේතුවෙන් එම වැඩපිළිවෙළ අතරමග නවතා දැමීමට සිදුවූ බව ද කියා සිටියේය.

    වෙලේ, ඉපනැල්ලේ සුවඳ හොඳින් හඳුනන තමා ගොවි ජනතාවගේ හද ගැස්ම සහ නාඩි හඳුනන ජනාධිපතිවරයෙක් බව පැවසූ ජනාධිපතිතුමා කුමන විවේචන, නින්දා අපහාස සිදු කළ ද රටේ ජනතාව වෙනුවෙන් ඇරඹු වස විස නැති දේශීය ආහාර නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩසටහන ගොවි ජනතාව සමග එක්ව ඒකාන්තයෙන්ම ජයග‍්‍රහණය කර මෙහෙයවන බවද අවධාරණය කළේය.

    අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද, ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් ද, ගොවි ජන සංවිධාන නියෝජිතයින්, කෘෂි පර්යේෂණ නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya