ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ පසුගියදා ඉන්දියාවේ සාංචි විහාරයේ අනගාරික ධර්මපාල පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදි අදහස් දක්වමින් ඉන්දීය මධ්‍ය ප‍්‍රදේශ් මහඇමති සිවරාජ් සිංග් චෞහාන් සඳහන් කරනු ලැබුවේ ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය ගෞරවයක් සේ සළකමින් සාංචි විශ්වවිද්‍යාල ප‍්‍රවේශ මාර්ගය හා උද්‍යානය ඉදිරියේදී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නමින් නම් කිරීමට කටයුතු කරන බවය.
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිතව පවතින සීතා මන්දිරය ඉදිකිරීමෙන් අනතුරුව දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවද මධ්‍ය ප‍්‍රදේශ් මහඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා උණුසුම් අන්දමින් පිළිගත් මහාබෝධි විහාරයේ සභාපති බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ සඳහන් කරනු ලැබුවේ සාංචි විහාරය හා බැඳෙමින් පවතින නම් කිහිපය අතරට මෛත‍්‍රීපාල සිරිසේන නාමය ද එක්වන බවය.
මහාබෝධි විහාරස්ථානයේ තැන්පත් කර ඇති සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වැඳපුදා ගත් ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ජනාධිපතිතුමා විසින් ධර්මපාල පිළිරුවෙහි සමරු ඵලකය නිරාවරණය කරමින් පුෂ්පෝපාහාර දැක්වීය.
මෙම ඓතිහාසික අවස්ථාව සිහිගන්වමින් ජනාධිපතිතුමා විසින් සාංචි විහාරය වෙත කරඩුවක් පූජාකරනු ලැබීය.
ඉන්දීය දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපතිතුමා ඉන්දීය බැංගලෝර් ගුවන් තොටුපළෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 172 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.