ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපති අවතැන් ජනතාගේ සහන සේවා බැලීමට යයි

    මැයි 23, 2016

    ජල ගැල්මෙන් අවතැන්වූ වැල්ලම්පිටිය, මීතොටමුල්ල, කොළොන්නාව ප‍්‍රදේශවල ජනතාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) එම ප‍්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    පළමුව වැල්ලම්පිටිය ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා එහි ජනතාව රැදී සිටින වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය වෙත ගොස් එම ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීය.

    ජනතාව අතරට යමින් පෞද්ගලිකවම එකිනෙකාගෙන් තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන්ට ලබාදී ඇති සහනාධාරද පරීක්ෂා කර බැලූ අතර ලැබෙන සේවාවන් හි අඩු පාඩු ද විමසා බැලීය.

    තමන් මුහුණ දී සිටින ගැටලු සහ අඩු පාඩු පිළිබඳව එම ජනතාව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    කඩිනමින් එම තත්ත්වයන් පිළිබඳ සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා කි‍්‍රයාත්මක කර ඇති සහන කටයුතු වඩා ක‍්‍රමවත් සහ විධිමත් අයුරින් කි‍්‍රයාත්මක කිරීමට ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා ගියේ මීතොටමුල්ල ධර්මෝදය විහාරස්ථානයේ රැදී සිටින ජනතාව හමුවීමටයි.

    ඔවුන්ගේ ද සුව දුක් විමසූ ජනාධිපතිතුමා අනතුරුව කොළොන්නාව නාගවනාරාම විහාරස්ථානය වෙත ද ගොස් එහි රැඳී සිටින ජනතාව හමු විය.

    විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ඉටු කළ හැකි සෑම කටයුත්තක්ම ඉටු කිරීමට රජය කැපවන බව මෙහිදී එම ජනතාව හමුවෙමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya