ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ පරිසර සහන බළකායක්

    මැයි 24, 2016

    ආපදා තත්ත්වයත් සමඟ සිදු වූ පරිසර හානිය කළමනාකරණය කර ගනිමින් ජන ජීවිතයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් විශේෂ පරිසර සහන බළකායක් පිහිටුවීමට ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    ආපදා තත්ත්වය හේතුවෙන් පරිසරියට වූ විනාශය කළමනාකරණය කිරීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගෙන ඇති පියවර පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

     

    මධ්‍යම පරිසර අධිකාරිය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ති‍්‍රවිධ හමුදාව, පොලිසිය මෙන්ම දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ද ස්වේච්ඡා සංවිධාන ද නියෝජනය වන අයුරින් මෙම බළකාය පිහිටුවීමට කටයුතු කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    මෙම කටයුතුවලදී මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ජනතාවට මුහුණදීමට සිදුවන ඩෙංගු වැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීමට කි‍්‍රයාත්මක කළ පරිසර වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

     

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් මර්වින් ධර්මසිරි, අධ්‍යක්ෂ ජනරාල් එච්.කේ. මුතුකුඩආරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya