චීනයේ Boshan Zhengjue Temple මගින් මෙම භාවනාමය සංගීතමය වැඩසටහන සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිලා සුවිශේෂී දායකත්වයක් සපයා තිබිණ.
ජනාධිපතිතුමා සන්ධ්වනී කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය ද චීනයේ master Renda හිමියන් සහ Miao Hai හිමියන් ඇතුළු එරට මහා සංඝරත්නය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකාවේ චීන තානාපති Yi Xianliang මහතා ඇතුඑ විශාල පිරිසක් මෙම විරල අත්දැකීම අත්විඳීම සඳහා එක්ව සිටියහ.