ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුර හා නාය යාම්වලට ලක් වූ ප්‍රදේශ අධි ආරක්ෂක කලාප ලෙස නම් කෙරේ

    මැයි 24, 2016

    අනවසර පදිංචිවීම්වලට මින් මතුවට කිසිදු ඉඩක් ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

    එමෙන්ම බස්නාහිර පළාතේ ඉඩම් ගොඩකිරීමත් ඊයේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.

     

    අයහපත් කාලගුණයත් සමඟ අනපේක්ෂිත අයුරින් සමස්ත දිවයිනටම මුහුණදීමට සිදුවූ ආපදා තත්ත්වයට ප‍්‍රධාන හේතුව අනවසර පදිංචිවීම් සහ ඉඩම් ගොඩකිරීම බව අදාළ අංශ පෙන්වා දෙයි.

     

    ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සමස්ත රටවාසී ජනතාවටම යළිත් මෙවන් පීඩාවකට මුහුණ දීමට සිදු නොවන අයුරින් රජයේ වගකීම් ඉටු කරමින් මෙම පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී වැඩිදුරටත් අදාළ උපදෙස් ලබා දෙමිනි.

     

    ගංවතුරින් සහ නාය යාම්වලින් ආපදාවට ලක්වූ ප‍්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර එම ප‍්‍රදේශ නැවත ආපදාවන්ට ලක්වීමේ අවදානමක් පැවතිය හැකි බැවින් සහ එම ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එම පියවර ගන්නා බව සඳහන් කෙරිණි.

     

    ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ප‍්‍රදේශයන්හි නිවාසවල ජනතාව නැවත පදිංචිවීමට පෙර එම නිවාස නිසි තාක්ෂණික පරික්ෂණයකට ලක් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya