ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක්

    ජූනි 07, 2016

    හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම සහ නියාමනය කිරීම සඳහා  ද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීමපිණිස වූ පනත් කෙටුම්පතක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    සෞඛ්‍ය,පෝෂණ හ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

    පනත් කෙටුම්පත මඟින් හෝමියෝපති වෛද්‍ය සභාව පිහිටුවීම සඳහා ද, හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන් සහ හෝමියෝපති ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම සඳහා ද, හෝමියෝපති ආයතන ලියාපදිංචි කිරීම සඳහා ද,නියාමනය කිරීම සඳහා ද, හෝමියෝපති  වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම, සඳහා මෙන් ම හෝමියෝපති බෙහෙත් වර්ග, ඖෂධ සහ අනෙකුත් හෝමියෝපති පිළියෙල කිරීමේ නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, විකිණීම, සහ බෙදාහැරීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා ද විධිවිධන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya