ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර පුහුණුව -අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 07, 2016

    විදුහල්පතිවරු ජාත්‍යන්තර වශයෙන් පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ලෑස්තියි වෙනස්කම් කරන්න. දේශපාලනයක් නෑ. ගුරු හිඟය බලා, එයත් හරියාකාරව
    පුරවනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපනය සම්බන්ධයෙන්,පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.


    මින් ඉදිරියට පුරප්පාඩු පදනම් කරගෙන බදවා ගැනීම් සිදු කරන්නේ. විද්‍යා පීඨවලට ගිය වසරේ අරගෙන තිබෙන්නේ 3720යි. ආවට ගියාට බඳවාගෙන ප්‍රශ්න විසඳා ගන්න බෑ.මින් ඉදිරියට බඳවා ගන්නේ විෂය අනුව පුරප්පාඩු පදනම් කරගෙනයි.


    විධිමත් ක්‍රමවේද ඔස්සේ අරන් තිබුණා. විදුහල්පතිවරයෙක් ගුරුවරයෙක් දක්ෂකම හා සුදුසුකම් මත ගන්න ඕන.අපි කළේ, පුරප්පාඩු හඳුනාගෙන විදුහල්පති සේවයේ විභගයක් තිබ්බා. අබමල් රේණුවක දේශපාලනයක් නෑ.අපි පියවරෙන් පියවර පුරවනවා, දේශපාලනයක් නෑ.ගුරු හිඟය බලලා එයත් හරියාකාරව පුරවනවා.දේශපාලනික පළි ගැනීම් අයට සහන දෙනවා. කමිටු දාලා, දෙන්නේ.

    නව රජය යටතේ  ළඟම පාසල හොඳම පාසල යටතේ බෞතික සම්පත් බොහෝ දේ දුන්නා. සල්ලි එකතු කරන එකත් පාලනය කළා.චක්‍රලේඛන උල්ලංඝනය කරන අයටතරාතිරම නොබලා පියවර ගත්තා.අපි බය නැතිව පියවර ගත්තා. එකපාර විසඳන්න බෑ.

    පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව  40 දක්වා අඩු කර වසර 2020 දී පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 30 දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු අවශ්‍යතා ඉටුවන ලෙස  ලක්ෂ ගණනාවක් ඩෙස් බංකු මේස කට්ටලයක් තිබෙනවා.අපි විශාල වෙනස්කම් කරන්නේ.අපි ලෑස්තියි වෙනස්කම් කරන්න. ලෝකයේ අධ්‍යාපනික ක්‍රම අධ්‍යයනය කළා.කැමැති විෂයක් යටතේ ඉදිරියට යන්න පදනම සකස් කරනවා.

    උපාධි ධාරීන් රැකියා විරහිත ගොන්නට එකතුවෙනවට අපි කැමැති නෑ.විදුහල්පති 4000කට ශක්තිමත් පුහුණුවක් ලබාදෙනවා.නිරන්තර පුහුණුවක් ලබාදෙනවා.විදුහල්පතිවරු ජාත්‍යන්තර වශයෙන් පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. පුහුණුව වෙනුවෙන් විශාල මුදලක් අනුමත කරගෙන තිබෙනවා. නිර්ණායක අනුවයි පාසල්වලට අවශ්‍ය සහන ලබාදෙන්නේ.පසුගිය කාලයේ ක්‍රමවේදය හරි ගියේ නෑ. ගුරුවරු අඩුයි. විධිමත් ක්‍රමයට ගන්න ඕන. ප්‍රමිතියකට ගන්න ඕන.

    පාසල් පාලනය සම්බන්ධයෙන් ශක්තිමත් ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. විදුහල්පතිවරු ශක්තිමත් කළ යුතුයි. ඒ නිසයි, විදුහල්පතිවරුන්ට පුහුණුවක් ලබාදෙන්නේ. වගකීම් ඉටුකරන්න බොහෝ දේ කළ යුතුයි. අපි විසඳුම් සොයනවා ''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya