ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විශ්වාසභංගය කිසිම කරුණු කාරණාවක් නොමැති යෝජනාවක්-අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

    ජූනි 09, 2016

    විශ්වාසභංගය කිසිම කරුණු කාරණාවක් නොමැති යෝජනාවක් බවත් මතයක් ප්‍රකාශ කිරීම පමණක් විශ්වාසභංග යෝජනාවෙන් ප්‍රකාශ කර තිබෙන බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (09) පාර්ලිමේන්තුවේ දී ය.

     

    නොයෙක් මත, අවබෝධයක් නොමැතිව මහජනයා උසු ගන්වන මත ප්‍රකශ කර තිබෙනවා.මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිළි කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. විශ්වාසභංගය කිසිම කරුණු කාරණාවක් නොමැති යෝජනාවක්.මීට පෙරත් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.මේ යෝජනාවේ කිසිම දෙයක් නෑ.නිකම්ම තමන්ගේ මතයක් ප්‍රකාශ කිරීම පමණයි.මතයක් ප්‍රකාශ කරන්න විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට වුවමනාවක් නෑ.වචන හරඹයක් විතරයි.කෝ සංඛ්‍යාලේඛන?

     

    පාර්ලිමේන්තුවට එන්නේ නැතුව පන්සල්වල කතා කරලා වැඩක් නෑ. දැන් පවුලත් නෑ පන්සලත් නෑ. ආර්ථික ඝාතකයෝ මේවා කරන්නේ කිව්වා .සියලු වැඩකරන්න, සහන දෙන්න, අපේ ජාතික ඉතිරි කිරීම වැඩි කරගන්න ඕන. ආදායම වැඩි කරගන්නේ නැතිව මුදල් වැය කරන්නේ කොහොමද?

    ඉස්සර කළේ ණය අරගෙනයි. ණය ක්‍රමය තුළින් මේ රට ඉදිරියට ගිහිල්ලා.අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය සියයට සියයක් එජාප ප්‍රතිපත්තිය නොවේ.   අපි මේ රට ඉදිරියට ගෙන යමු.අපි ඉදිරියට යන්න පුළුවන්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  මුදල් ඇමතිතුමා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya