අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (09) පාර්ලිමේන්තුවේ දී
ය.
කිසිම රජයකට නොලැබුණු ජාත්‍යන්තර සහනයක් අපේ රජයට ලැබෙමින් පවතිනවා. ආර්ථික සම්බාධක පනෙව්වා නම් මේ රටේ ජනතාව පාරට බැහැලා. ඒ තරම් භායානක තත්වයක් තිබුණේ.අපිට ජාත්‍යන්තරය දිනා ගන්න හැකි වුණා. ලොකු ප්‍රශ්නයකින් බේරා ගන්න හැකි වුණා. ඒ නිසා පවතින රජයට ස්තූති කරන්න අවශ්‍යයි.
සුවිශේෂ සේවයක් කරලා, තමයි ජාත්‍යන්තර සහයෙන් ආර්ථිකය ගොඩනගන්න පටන්ගෙන තිබෙන්නේ.අද ජාත්‍යන්තරයේ විශාල ආර්ථික බිඳවැටීමක් සිදු වෙනවා. අද චීනයටත් ආර්ථික බිඳ වැටීම මුහුණ දෙන්න සිදු වෙලා.මෙවැනි තත්ත්වයකයි අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න හදන්නේ.
කිසිම අවස්ථාවක නොතිබුණු දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ නිසා කර්මාන්තශාලා වැහුණා. රැකියා අහිමි වුණා. විශාල ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ ප්‍රශ්නය අපි විසඳාගෙන යනවා.
මේ වසර අවසන් වනවිට ජී.එස්.පී. සහනය ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.අද ජාත්‍යන්තර ප්‍රතිරූපය වර්ධනය වීමත් සමඟ විශාල ශක්තියක් ලබී තිබෙනවා. ආර්ථිකය අද ශක්තිමත් ස්ථානයකට පැමිණ තිබෙනවා.
ස්වාධීන නීති පද්ධතියක් තිබෙනවා. ජනාධිපතිතුමා බලතල අඩු කර, කිසිම රටක නායකයෙක් නොකරන දෙයක් සිදු කර පෙන්නුවා. රජය වට්ටන්න බෑ. ශක්තිමත් රජයක් බිහිකර තිබෙනවා. වැඩි කල් නොගොස් මීටවඩා වැඩි ආර්ථික දියුණුවක් රටේ ඇති කරගන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.