ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලැබුණු ශක්තිය සහ ඡන්දය ඉතාමත් අගය කරනවා-මුදල් අමාත්‍ය

    ජූනි 09, 2016

    අපි පිරිසිදු පාලනයක් ගෙන යනවා.විශ්වාසභංග කාලසීමාව තුළ ලැබුණු උදව්, ශක්තිය සහ ඡන්දය ඉතාමත් අගය කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    මුදල් අමාත්‍යවරයාට එරෙහිව  අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මුදල් අමත්‍යවරයා මේ බව පැවසී ය.

     

    විශ්වාසභංග යෝජනාවට මුහුණ දී කරුණු ඉදිරිපත් කරලා රටට පෙන්වන්න හැකි වුණා මොන තරම් අද්භූත චෝදන ද ඉදිරිපත් කර තිබෙන්නේ කියලා. විශ්වාසභංගය හරයක් නොමැතිව ඉදිරිපත් කර තිබුණේ.අතිගරු ජනාධිපතිතුමාත්, අගමතිතුමාත් ගෙන යන සුසංයෝගී ආණ්ඩුව ලේසියෙන් වට්ටන්න නොහැකි බව පෙන්වන්න අවශ්‍ය වුණේ.පොඩි කල්ලියක් ප්‍රශ්න ඇතිකරන්න හැදුවට එකමුතුභාවයේ ස්වරූපයයි පෙන්වන්න හැකි වුණේ.

     

    රට හදන අවස්ථාව අවතීර්ණ වී තිබෙනවා.ලෝකයේ අනෙකුත් රටවලින් ලබෙන සහය අති විශිෂ්ටයි.අපට හැකි වුණා, සියලු දෙනාගේම සහයෝගය තුළින් එය නිෂ්ප්‍රභ කරන්න. දුගී දුප්පත්කම අඩු කරන්න, ජීවන වියදම අඩුකරන්න තිබෙන අවස්ථාවයි.වැටුණු දනගහපු ආර්ථිකයක් අපට බාරදුන්නේ.ඒක හදන්න පටන්ගෙන තිබෙනවා.අපි පිරිසිදු පාලනයක් ගෙන යනවා. මේ කාලසීමාව තුළ ලැබුණු උදව්ව, ශක්තිය සහ අද ලබුණු ඡන්දය ඉතාමත් අගය කරනවා යැයි ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya