ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපති මැදුර නැරඹීමට විශාල පිරිසක්

    ජූනි 10, 2016

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය ඉතිහාසයේ ප‍්‍රථම වරට පෙරේදා ජනතාවට විවෘත කෙරුණු අතර එය නැරඹීමට පාසල් සිසුන් ඇතුළු ජනතාව විශාල පිරිසක් ඊයේ  (09) දිනයේ පැමිණ සිටියහ.

    තමන්ට ලැබුණු විරල අවස්ථාව උපයෝගි කර ගනිමින් ජනාධිපති මන්දිරය දැක බලා ගැනීමට දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර රටේ ඓතිහාසික උරුමයක් වන ජනාධිපති මන්දිරය දැක බලා ගැනීමට සාමාන්‍ය ජනතාවට ද මෙවන් අවස්ථාවක් උදා කර දීම පිළිබඳ ඔවුන් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පුද කර සිටියහ.

     

    ආණ්ඩුකාරවරුන් විසිනව දෙනෙකු සහ ජනාධිපතිවරුන් හයදෙනෙකු තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා යොදා ගත් නිල මැදුර වන ජනාධිපති මන්දිරයේ ඉතිහාසය යටත් විජිත සමය දක්වාම දිව යන්නකි.

     

    එහි ඓතිහාසික වටිනාකම් පිළිබිඹු කෙරෙන ඡායාරූප මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ද මෙහි ප‍්‍රදර්ශනය කර තිබේ.

     

    අද සිට ජූනි 14 වනදා දක්වා ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා ජනාධිපති මන්දිරය නැරඹීමට අවස්ථාව සලසා තිබෙන අතර 077- 3086366 හෝ 0714- 241802 දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

     

    ( www.president.gov.lk   වෙබ් අඩවියේ සඳහන්, මැදුරු පුරාණය, ග‍්‍රන්ථයෙන් ජනාධිපති මන්දිරය පිළිබඳ ඓතිහාසික තොරතුරු ලබා ගත හැක)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya