ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සාලාව පිපිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය -අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීමට උපදෙස්

    ජූනි 10, 2016

    නිවාස පිළිසකර කිරීම කඩිනම් කිරීමට උපදෙස්-

    හානියට  පත් ජනතාවට මූලිකව රුපියල් 50,000ක දීමනාවක්-

    කොස්ගම, සාලාව පිපිරීම සහ ජනතාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවත්, සිදු කෙරෙන විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කිසිදු  ප්‍රමාදයකින් තොරව ලබාදීමට මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    කොස්ගම,සාලාව හමුදා කඳවුරේ ඇති වූ පිපිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(02) යටතේ  විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    සාලාව පිපිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සහා මාගේ අවධානය යොමු වී තිබෙනවා. සමහර තැන්වල තවමත් පිපිරීම් සිදුවන බව හමුදාව කියා තිබෙනවා. ඒ නිසා දැන්ම යා නොහැකි බව සඳහන් කළා. රජයට මෙන්ම ජනතාවට අවශ්‍යයි ඉක්මනින් ම යන්න. සිදුවීමේ ජීවිත හානි සීමීත නිසා එය ආරක්ෂා කරගත යුතුයි.

     

    මේ වනවිට ජනතවට අවශ්‍ය දේ ලබාදීලා තත්ත්වය පාලනය කර තිබෙනවා. අවශ්‍ය ජලය බවුසර් මාර්ගයෙන් ලබාදී තිබෙනවා. හානියට පත් නිවාස හා දේපල තක්සේරු කිරීම ඊයේ ආරම්භ වුණා. නිවාස 11ක් මේ වනවිට හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කොට අවසන්. සුළු වශයෙන් හානි වූ නිවාස පැය 72න්, මධ්‍ය වශයෙන් හානි වූ නිවාස ඉදිරි සතිය තුළ හා බරපතල හානී වූ නිවාස දින 60ක් තුළ යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙනවා.

     

    නිවාස පිළිසකර කිරීම කඩිනම් කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. මූල්‍ය ප්‍රතිපාදන කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීමට මුදල් අමාත්‍යවරයට උපදෙස් ලබාදුන්නා. ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම අද ආරම්භ වෙනවා.අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා පාබල රෙජිමේන්තු තුනක් යොදව තිබෙනවා.දැනට සිදු කෙරෙන පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

     

    කඩා වැටී ඇති නිවාස සඳහා මූලිකව රුපියල් 50,000ක් ලබාදෙන්නට කටයුතු කර තිබෙනවා.හානියට පත් ව්‍යාපාර පිළිබඳව අවධානය යොමු කර බැංකුවලින් අවශ්‍ය සහන ලබදීමට බලාපොරොත්තු වන බවත් සිදු වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya