ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මහලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු සාධකයක් නෑ- කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

    ජූනි 10, 2016

    පාර්ලිමේන්තු මහලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු සාධයක් ඉදිරිපත් වී නොමැති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභවේ අඳහස වී තිබෙන බව කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.


    පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ ඡන්ද විමසීම අවස්ථාවේ මූලාසනයේ සිටි මන්ත්‍රීවරයාගේ හෝ මහලේකම්වරයාගේ අපක්ෂපාතීත්වය හෝ ස්වාධීනත්වය පිළිබඳව කිසිදු ආකරයක සැකයක් හෝ අවිශ්වාසයක් ඇති වීමට කිසිම හේතුසාධකයක් නොමැති බව, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පරීක්ෂණ කමිටුව අවධාරණය කොට ඇතැයි ද කතානායකවරයා සඳහන් කළේ ය.

     

    2016 මැයි මස 05 දින විවාදයට ගත් පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ ඡන්ද විමසීම අවස්ථාවේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය සම්බන්ධයෙන් කතානායකවරයා වෙත අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටු වාර්තාව  ලැබීමෙන් අනතුරුව කතානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැන්වීය.

     

    එම අවස්ථවේ මූලාසනයේ සිටි මන්ත්‍රීවරයාගේ හෝ මහලේකම්වරයාගේ අපක්ෂපාතීත්වය හෝ ස්වාධීනත්වය පිළිබඳව කිසිදු ආකරයක සැකයක් හෝ අවිශ්වාසයක් ඇති වීමට කිසිම හේතුසාධකයක් නොමැති බව පරීක්ෂණ කමිටුව අවධාරණය කොට ඇත.

     

    මෙම සිදුවීම පිළිබඳව මහලේකම්වරයා විසින් තම කනගාටුව තමන් වෙත ලිඛිතව ප්‍රකාශ කොට ඇති බවද කතානායකවරයා දන්වා සිටියේ ය. තවද ඊයේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඒකාබද්ධ විපක්ෂය විසින් අත්සන් කරන ලද මහලේකම්වරයාට එරෙහිව දෝෂාභියෝගය ගැනද සාකච්ඡා වූ අතර එවැන්නක් ගෙන ඒමට  කිසිදු හේතුසාධකයක්  ඉදිරිපත් වී නැති බවද පර්ලිමේන්තු කටයුතු  පිළිබඳ කරක සභාවේ අඳහස් විය.

     

    තවද මෙවැනි සිදුවීම් අප පාර්ලිමේන්තුවේත් ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තුවලත් සිදු වූ අවස්ථා බොහෝ ගණනක් වාර්තා වී ඇති බවද කතනායකවරයා සඳහන් කළේ ය.

    එමෙන් ම එම සිද්ධිය ඇති වූ අවස්ථාවේ ගරු සිසිර ජයකොඩි මහතා සහ ගරු විමල් වීරවංශ මහතා ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙනුත් කනගාටුව මා වෙත පළ කර සිටි බවද දැනුම්  දෙමි.


    කෙසේ වුවද, පාර්ලිමේන්තුවේ ඡන්දයක් ගන්නා අවස්ථාවේ දී ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අවශ්‍ය බවද අවධාරනය කළ කතානයක කරූ ජයසූරිය මහතා, මහලේකම් මණ්ඩලය විසින් ඉතා සුපරික්ෂාකාරීව මූලාසනයේ සහයෝගය ඇතිව ඡන්දය ගනන් කිරීමට පියවර ගත යුතු බවද අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya