ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සාලාව හමුදා කඳවුරේ පිපිරීම - පදිංචියට යාමට නොහැකි නිවෙස් හිමියන් රුපියල් 50,000ක දීමනාවක්

    ජූනි 10, 2016

    කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම නිසා පදිංචියට යාමට නොහැකි නිවෙස් හිමියන් වෙත රුපියල් 50,000ක දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා  අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    සාලාව හමුදා කඳවුරේ ඇති වූ පිපිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කළ පරිදි මුදල් අමාත්‍යාංශය එකඟ වී තිබෙනවා. මෙම දීමනාව මාස තුනක් දක්වා ගෙවීමට නියමිතය. අනෙකුත් නිවාස අලුත් වැඩියාකිරීමට හමුදාව භාරගෙන තිබෙනවා.

     

    අදාළ මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආපදා අමාත්‍යාංශයේ ලේකම්වරය සමඟ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කළ බවත් අවශ්‍ය මුදල් නිදහස් වූ වහාම ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කළ වහාම නිවෙස් හිමියන්ට ලබාදෙනවා''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya