ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ප්‍රතිපත්ති සැලසුම් තුළ ගැටළු විසඳීමට පියවර ගෙන තිබෙනවා

    ජූනි 10, 2016

    උතුරු නැඟහිර ජනතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සැලසුම් තුළ ගැටළු විසඳීමට පියවර ගෙන තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින්  අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ ය. යුද්ධය නිමවීමෙන් පසුව ජනතාව යළි පදිංචි කිරීමත්, ඔවුන්ගේ ඉඩම් ගැටළු, රැකියා  ගැටළු පෙන්වා දෙමින් විපක්ෂනායකවරයා සිය යෝජනාව ඉදිරිපත් කළේ ය.

     

    ජනතාවගේ ජීවනෝපය, තරුණ,තරුණියන්ට රැකියා   සහ ජනජීවිතය ඉදිරියට ගෙන යාමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මකයි. යුද්ධය නිසා උතුරු නැඟනහිරට මෙන්ම රටට විශාල හානියක් සිදු වුණා. යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කරන්නට කටයුතු කරමින් සිටිනවා. යම් යම් කාර්යයන් නිවැරදි කිරීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා සත්භාවයෙන් වැඩකළා. උතුරු නැඟහිර ජනතාව එකතු කරගෙන ඉදිරියට යන්නට තීන්දු ගෙන තිබෙනවා. දේශපාලන විසඳුමක් තුළිනුත්, අපේ ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කර  රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන ශක්තිමත් කර අනාගතයට බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කරනවා.

     

    සමස්තයක් ලෙස ජනවාරි 08 සියලු බලවේග පරාජය කර සාමයෙන් සිටින රටක් ස්ථාපිත කළා. අපි යථාර්තය තේරුම් අරගෙන ප්‍රවේශමෙන් ඉදිරියට යා යුතු ගමනක් තිබෙනවා.

    තරුණ තරුණියන් සඳහා රැකියා දස ලක්ෂයක් බිහිකිරීම,   යටිතල පහසුකම්, ජීවනෝපාය සඳහා විශාල වැඩසටහනක්  ක්‍රියාත්මක වෙනවා.

    යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ජනජීවිතයට බලපාන ගැටළු විසඳීමට විශාල මුදලක් වැය කර තිබෙනවා. අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පිළිගත් රටක් ලෙස ඉදිරියට යන මොහොතේ සාධරණ ලෙස උතුරු නැඟෙනහිර ජනතාවට ද එය  භුක්ති විදිය හැකියි.

     

    තරුණ තරුණියන් බලාපොරොත්තුව  වන රැකියා නිෂ්පාදනය කරන්නට හැකියි. ඒ ප්‍රදේශ නියෝජනය කරන සියලු පක්ෂ එකතු වෙලා, නිදහසේ ජීවත් විය හැකි රටක්,හොඳ ආදායම් මාර්ගයක් ඇති රටක් ස්ථාපිත කරමු යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya