ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තමන්ගේ ඉඩමක වුවද නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදිය හැකියි

    ජූනි 11, 2016

    නායයාම් හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට තමන්ගේ ඉඩම් තිබේනම් එම ඉඩමක වුවද නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය හැකිබව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය‍.


    නිවාස අහිමිවූ පිරිස් වලට රජය නව නිවාස ලබාදීම සිදුකරන අතර මෙම වැඩපිළිවෙළ නිවාස හා ඉදිකිරීම් අමත්‍යාංශය යටතේ සිදුකරන බවද ප්‍රකාශ කළ අග්‍රමාත්‍යවරයා පවසා සිටියේ ය.


    තමන්ට  ඉඩම් ඇති අයට එම ඉඩම්වල නිවාස ඉදිකර ගැනිමට අවස්ථාව ලබාදිය හැකිදැයි  කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  කණක හේරක් මහතා වාචික ප්‍රශ්න අවස්ථාවේ දී විමස සිටි අතර ඊට පිළිතුඑඋ දෙමින් අග්‍රාමත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     එය හොද යෝජනාවක් බව  සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, මෙම නිවාස ඉදිකිරිමේදී භූමිය පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් නිවාස ඉදිකිරීමට ඇති ඇතැම් ඉඩම් වතු සමාගම් වලට අයත්ත ඒවා බවත් පැවසීය.‍


    එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් කටයුතු කිරිම සඳහා සිටින නිලධාරින්ගේ හිඟයක් පවතින බවත් අවශ්‍ය  සේවක පිරිස පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස තමන් දැනුම් දුන් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya