ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පුපුරාගිය සහ නොගිය ද්‍රව්‍ය ගැන පාසල් සිසුන් දැනුවත් කෙරේ

    ජූනි 14, 2016

    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා ඇති වූ පිපිරීමේදී  විසිර පැවතිය හැකි පුපුරාගිය සහ පුපුරා නොගිය පතරොම් වෙඩි ද්‍රව්‍ය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාත්මක කර තිබේ.

    සාලාව සුමේධ මහා විද්‍යාලය, පුවක්පිටිය දමිළ මහ විද්‍යාලයේ සහ කළුඅග්ගල ශාන්ත ජෝන්  බොස්කෝ විද්‍යාලය යන ස්ථානවලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

     

    ඉංජිනේරු  භට පිරිස් විසින් දේශන පවත්වමින් එහි විනාශකාරී ස්වභාවය හා අනාරක්ෂිත බව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම සිදු වූ අතර සාලාව පතරොම් ගබඩාවේ ඇති වූ පිපිරීමෙන් විසිර ගිය සුන්බුන් ස්පර්ශ කිරීමෙන් වැලැකී සිටීම වෙනුවෙන් මෙම දැනුවත් කිරීම සිදු කර තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya