ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයට ජාත්‍යන්තරයේ විශේෂ තැනක්

    ජූනි 15, 2016

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ විශේෂ අවකාශයක් හිමිකරගෙන තිබෙන බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙති.

    විදේශ සම්බන්ධතා ක්ෂේත‍්‍රයෙහි ශී‍්‍ර ලංකාව ලබා ඇති සාර්ථකත්වය සමාලෝචනය කිරීමේ අරමුණින් ,ගෝලීය කටයුතු තුළ ශී‍්‍ර ලංකාව – 2015 ජනවාරියේ සිට ගමන් මඟ, මැයෙන් විද්වත් කතිකාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී ඔවුන් මේ බව පෙන්වා දුන්හ.

     

    මෙහි ප‍්‍රධාන දේශනය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාම් මානික්කලිංගම් මහතා විසින් සිදු කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සැබවින්ම කැපවූ නායකයෙකු සිටීම ගැන ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් සියලු දෙනා ආඩම්බර විය යුතු බවයි.

     

    ශී‍්‍ර ලංකාවේ ගමන් මග කෙසේද යන්න පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව ලැබූ දේශපාලන සහ යුදමය අත්දැකීම් ලෝකයේ අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන රටවල් සමඟ බෙදා හදා ගත හැකි බවයි.

     

    ප‍්‍රචණ්ඩකාරී හා අන්තවාදී ලෙස වර්ධනය වෙමින් පැවති ඒකාධිපතිත්වය හමුවේ ශී‍්‍ර ලංකාව මුහුණ දුන් අත්දැකීම් ඉතා වැදගත් බව ද ඔහු සඳහන් කළේය.

     

    තමාගේ ධූර කාලය සීමා කරගැනීමට සහ බලය සීමාකර ගැනීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා කටයුතු කළේ ලෝකයේ ඇතැම් නායකයින් තම බලය වැඩිකර ගැනීමට ඉතා නිර්ලජ්ජිත ලෙස කටයුතු කරමින් සිටින අවධියක බවද ඔහු සඳහන් කළේය.

     

    ශී‍්‍ර ලංකාව ප‍්‍රචණ්ඩත්වයෙන් තොර එමෙන්ම වාර්ගික හෝ ආගමික වශයෙන් බෙදී වෙන් නොවූ රටක් ලෙස ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල ප‍්‍රශංසනීය බවද සඳහන් කළේය.

     

    මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්ප ප‍්‍රවර්ධනය සඳහා ශී‍්‍ර ලංකාවට කටයුතු කළ හැකි බවද ඔහු පැවසීය.

     

    මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කලේ ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ජාතික අභිලාශයන් විසින් නිර්ණය කරන යථාර්තවාදී විදේශ ප‍්‍රතිපත්තියක් විය යුතු බවයි.

     

    විශේෂයෙන් පශ්චාත් යුද සමයක අනුගමනය කළයුත්තේ එවැන්නක් බවද ඔහු පෙන්වා දුන්නේය.

     

    එමෙන්ම ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන අන්දමට ආසියානු කේන්ද්‍රීය මැද මාවතේ විදේශ ප‍්‍රතිපත්තියක් ලංකාවට සුදුසු බවද සඳහන් කළේය.

     

    අප තවදුරටත් ගෝලීය දකුණේ සංවාදය ඉදිරියට ගෙනයාමට කටයුතු කළයුතු බවද කියා සිටියේය.

     

    මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ දේශපාලනයේදී තිබෙන සන්ධාන බිඳ වැටීම සහ නව සන්ධාන ඇතිවීම සාමාන්‍ය සිදුවීමක් බවයි. නමුත් ජනවාරි 08 වනදා රටට අවශ්‍ය පරිවර්තනය සඳහා ගොඩනැගුණු සන්ධානය අමතක නොකර කටයුතු කළයුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

     

    නැගෙනහිර පළාත් ආණ්ඩුකර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාද අදහස් දක්වමින් ජනතාවට සහන සැලසීමේදී උතුරේ වින්දිතයින් පමණක් නොව දකුණේ වින්දිතයින් පිළිබඳවද අවධානය යොමු කරමින් කටයුතු කිරීම වැදගත් බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya