ජයග‍්‍රාහක සිසු සිසුවියන් වෙත සංකේතාත්මකව තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
දියර කිරි සහ කිරි නිෂ්පාදන පාරිභෝජනය පාසල් දරුවන් අතර ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ,කිරෙන් සපිරි දැයක්, තේමාව යටතේ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















