1969 දී පිහිටවනු ලැබූ පරමාණුක ශක්ති අධිකාරියට විකිරණ ආරක්ෂාව සම්බන්ධ ජාතික නියාමන අධිකාරිය ලෙස කටයුතු කරනවා. එ් වගේම න්‍යෂ්ටික තාක්ෂණය යොදාගනිමින් රටේ සංවර්ධන සහ සේවා කටයුතු වෛද්‍ය කාර්මික හා කෘෂිකාර්මික අංශවලට ලබාදීමත් ජාත්‍යන්තර පරමාණුක බල ඒජන්සියේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙසත් කටයුතු කළා. එම අධිකාරිය විසින් විකිරණ ප‍්‍රභව භාවිත කිරීම නිසා නියාමන කටයුතු එම අධිකාරිය මගින් කිරීම නුසුදුසු බව ජාත්‍යන්තර සංවිධාන විසින් පෙන්වා දුන්නා.
ඒ අනුව නියාමන කටයුතු සහ සංවර්ධන කටයුතු එකම ආයතනයකින් කිරීම නුසුදුසු බැවින් නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට නව පනතක්පිළියෙල කිරීම ඒ අනුව 2014 වසරේදී පරමාණුක ශක්ති පනත නීතිගත කළ අතර එ් තුළ පරමාණුක බලශක්ති නියාමන සභාව සහ පරමාණුක බලශක්ති මණ්ඩලය නමින් ආයතන දෙකක් බිහිවුණා. ඒ සමග පෙර පැවති පරමාණුක ශක්ති අධිකාරිය අහෝසි වුණා.
අද ඉදිරිපත් කරන රීති මගින් විකිරණ පරිහරණයේදී පවතින අවදානම මත පදනම්ව එක් එක් බලපත‍්‍ර වලංගු වන උපරිම කාලසීමාවන් තීරණය කරනු ලබනවා. රීතිය තුළ බලපත‍්‍රයක් දරන්නා එම බලපත‍්‍රය කල් ඉකුත් වන දිනට මාස 3ට පෙර බලපත‍්‍රය අලූත් කිරීමට අයැදුම් කිරීමට අසමත් වුවහොත් දිනකට රුපියල් 100ක අධිභාරයක් අයකිරීමේ බලය ලබාදී තිබෙනවා.
පරමාණුක කිව්වාම බොහොම කුතුහලයෙන් බලනවා.මෙහිදී රීති දෙකක් සභාවේ අනුමතියට යොමු කරනවා.ඒ වගේම ඉදිරිපත් කරන අනෙක් රීතිය මගින් අයනීකාර විකිරණ සම්බන්ධ ක‍්‍රියාපිළිවෙතක් පැවැත්වීමට අදහස් කරන ඕනම පුද්ගලයකු විසින් ඒ සඳහා අදාළ වන ‘‘දැනුම්දීමේ ආකෘතියක්’’ බාරදිය යුතුයි.
විකිරණ ප්‍රභවල ආරක්ෂාව සහතික කිරීමත්, අනවශ්‍ය විකිරණ බලපෑම්වලින් මහජනතාව හා පරිසරය ආරක්ෂා කිරීමට නියාමන පද්ධතියක් ස්ථාපිත කිරීමත්, එය පවත්වාගැනීමේ වගකීමත් පරමාණුක බලශක්ති නියාමන සභාවට ඇත.
පරමාණුක බලශක්ති මණ්ඩලය සේවා රැසක් සිදු කරනවා. රටේ සියලු සංවර්ධන කටයුතු සඳහා විකිරණ තාක්ෂණය යොදා ගැනීම,විකිරණ තාක්ෂණය සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ සිදු කිරීම,න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳව තොරතුරු ලබාදීම,රට තුළ න්‍යෂ්ටික තාක්ෂණය සාමකාමී ලෙස රට තුළ භාවිත කිරීම,විකිරණශීලී ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය කිරීම,මේ ආයතනවල වගකීමයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.