ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මිණුම් ඒකක, ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග විවාදයට ගැනේ

    අගෝස්තු 10, 2016

     

    මිණුම් ඒකක,ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

    මිනුම් ඒකක, ප්‍රමිති හා ‍සේවා පනත යට‍තේ නි‍යෝග විවාදයට ඉදිරිපත් කරමින් කතා කළ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා;

    පාරිභෝගික ආරක්ෂාවත් මේ නියෝග මඟින් තහවුරු වෙනවා. කිරුම් මිනුම් උපකරණ ප්‍රමිතියට අනුව ති‍බෙනවා දැයි අපි සොයා බලනවා. ජාතික කිරුම් මිනුම් පරීක්ෂණාගාරය තුළින් එම උපකරණවල ප්‍රමිතිය පරීක්ෂා කරනවා. පරීක්ෂාවකින් තොරව කිසිම කිරුම් මිනුම් උපකරණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඉඩ දෙන්නේ නැහැ. වාහනවල දුම් පරීක්ෂා කිරීමටත් අප උපකරණ ගෙන එනවා. ඒවායේ ප්‍රමිතියත් පරීක්ෂා කරනවා. මේ යටතේ අපි රටේ සෑම ප්‍රදේශයකම පවතින කිරුම් මිනුම් උපකරණ පරීක්ෂා කරනවා.

     

    ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන නිකුත් කිරීමේ මීටර ද මේ යටතේ පරීක්ෂාවට ලක් කරනවා. මිනුම්උපකරණ සාදන අය මෙන්ම ඒවාගෙන් වන අයත් මෙම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි විය යුතුයි.රට තුළ නිවැරදි වේලාව දැක්වීම සඳහාත් අප කටයුතු කරනවා. ඒ සඳහා ප්‍රමිතියෙන් උසස් යන්ත්‍ර අප භාවිත කරනවා. නිවැරදි ට්‍රැක්සි මීටර් පාවිච්චි කරනවාදැයි මේ යටතේ අපි සොයා බලනවා. දැනටමත් කොළඹ ප්‍රදේශයේ අප ඒවා පරීක්ෂාවට ලක්කර ති‍බෙනවා. අනෙකුත් මිනුම්  වගේම  ට්‍රැක්සි මීටරත් අපි මේ තුළින් පාලනයට ලක් කරනවා. ඒවා පරීක්ෂා කිරීමට සහ දැනුම්වත් කිරීමට අප සහාය නිලධාරීන් පත් කිරීමට කටයුතු කරනවා.රටපුරා ති‍බෙන කර්මාන්ත ශාලා හඳුනා ගෙන ඒවායේ ති‍බෙන ප්‍රශ්න විසඳීමට අප කටයුතු කරනවා යැයි ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya