ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත ඡන්දයෙන් තොරව සම්මත වෙයි

    අගෝස්තු 11, 2016

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.


    පනත් කෙටුම්පත පිළිබඳව විවාදය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කළේ ය.

    පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය විමසීමේ වේලාව පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් විරෝධය දැක්වීම හේතුවෙන් සභාවේ කටයුතු ද තාවකාලිකව නවතා දැමීමට කතානායකවරයා කටයුතු කළේ ය.

     

    ඉන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ වූ අතර එහිදී විවාදය අද රාත්‍රී 9.30 දක්වා විවාදය පවත්වා හෙට ප.ව 2.00ට ඡන්දය පැවැත්වීමට තීරණය විය. ඉන් අනතුරුව විවාදය ආරම්භ විය. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් දිගින් දිනගටම සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධය පළ කළේ ය.

    ආණ්ඩු පක්ෂයෙන් අඳහස් දැක්වීමක් සිදු නොකරන බව දැනුම්දුන් කතානායක කරූ ජයසූරිය මහතා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අඳහස් දක්වන ලෙසත් එය තමන්ගේ ආසනවලට ගොස් සිදු කරන බව දැන්වීය. විපක්ෂයේ මන්ත්‍රී පිරිස අඳහස් දැක්වීමක් සිදු නොකළ හෙයින් කතානායකවරයා පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවට යොමු කළේ ය.

    ඉන් අනතුරුව පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා සභාව වෙත දැනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya