ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත විවාදය ඇරඹේ

    අගෝස්තු 11, 2016

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී මීට සුළු මොහොතකට පෙර විවාදයට ගැණිනි.

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය. පනත් කෙටුම්පත විවාදයට ගෙන හෙට දින පෙ.ව. 11.00ට ඡන්දය විමසීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සිය විරෝධය දැක්වීය. කාලය පිළිබඳ ගැටළුව විසඳීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කතානායකවරයා විසින් පක්ෂ නායකවරුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.

    ඉන් අනතුරුව සභාවේ කටයුතු ප.ව.1.30ට පමණ ආරම්භ වූ අතර එහිදී විවාදය අද ප.ව.9.30 දක්වා පැවැත්වීමට යෝජනාව සභානායක ,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්  යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ය.

    එහිදී අග්‍රාමාත්‍යවරයා ද අඳහස් දක්වමින් සඳහන් කළේ, විවාදයට ගැනෙන දින දෙක සම්බන්ධයෙන් කිසිවෙකුගේ ගැටළුවක් නොමැති බවත් කාලය පිළිබඳව තීරණයක් ගැනීම කළ යුතු බවත් ය.

    ඒ අනුව විවාදය අද ප.ව. 9.30 දක්වා පැවැත්වීමට එකඟ විය.හෙට දින පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය විමසීම හෙට (12) ප.ව. 2.00 ට පැවැත්වීමට එකඟ විය.

    මේ සම්බන්ධයෙන් දින තුනක් සාකච්ඡා කර තිබෙන බවත් මෙය ජාතික වැදගත්කමකින් යුතු අත්‍යවශ්‍ය පනතක් ලෙස රජය පෙන්වා දෙන නිසා සහ පක්ෂ නායකයින් ගත් තීරණය වෙනස් කළ නොහැකි බවත් සභාව ඇමතූ කතානායක කරූ ජයසූරිය මහතා  සඳහන් කළේ ය.

    ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳව විවාදය ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya