ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කොරියානු රැකියාලාභීන් පුහුණු කිරීමට මධ්‍යස්ථානයක්

    අගෝස්තු 12, 2016

    කොරියානු රැකියාලාභීන් වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

    අමාත්‍යවරිය අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විදේශ රැකියාවල නියුතුවූවන්ගේ ගැටළු සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තන අවස්ථාවේ විවාදයේ දී අඳහස් දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    තවදුරටත් පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය;
    කොරියානු රැකියා පුහුණු කිරීමට ම මධ්‍යස්ථානයක් නෑ. නව පුහුණු මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේ ආරම්භ කරනවා. දැනට පුහුණු කිරීම්, තරුණසේවා සභාව, අතුරුගිරිය පුහුණු මධ්‍යස්ථානයේ සිදු කෙරෙනවා.

     

    ඉතාමත් ඉක්මනින් ම කොරියානු රැකියාලාභීන් වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරනවා. දින දහයක පුහුණුවක් මෙම මධ්‍යස්ථානය මඟින් ලබාදෙනවා. කොරියානු ගිවිසුම අත්සන් කර විදෙස්ගතවීමට සූදානම් අයටයි දින 10ක පුහුණුවක් ලබාදෙන්නේ.

     

    මෙහිදී කොරියානු පන්ති ජාවාරමක් පවතින බව කී මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරියගේ අවධානයට යොමු කළේ ය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරිය සඳහන් කළේ, එම කොරියානු පන්ති සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya