ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ශ්‍රමිකයන් සඳහා අලුත් වෙළඳපොළ සොයා යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි

    අගෝස්තු 12, 2016

    ගෘහ සේවය සඳහා කාන්තාවන් පිටරට යැමේ ප්‍රතිශතය සියයට 37% සිට 27% දක්වා අඩු කරගැනීමට හැකි වී තිබෙන බවත් පුහුණු ශ්‍රමිකයන් වැඩිකර ගනිමින් මැදපෙරදිගට පමණක් ශ්‍රමිකයන් යැවීම සීමා නොවී අලුත් වෙළඳපොළ සොයා යෑමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

     

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඔවුන් මුහුණුපාන ගැටළු සම්බන්ධයෙන් විවාදයට ගත් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (12) පාර්ලිමේන්තුවේ දී ය. සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    දැනටමත් වසරකට 2,80,000ක් 300,000ක් පමණ ප්‍රමාණයක් විදේශගතවීම ලියාපදිංචි වී සිටිනවා. නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් විදේශ ශ්‍රමිකයන් මිලියන 2ක් පමණ විදේශගත වී සිටිනවා. පැමිණිලි ලැබී ඇත්තේ  10,503ක් පමණ . 2015 ප්‍රතිශතය ගත් විට සියයට 0.5%තරම් ප්‍රමාණයක්. 

    කාන්තාවන් ගෘහ සේවයට විදේශගතවීම අවම කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කර ක්‍රියාත්මක වැඩපිළිවෙලකට යනවා. නීතිවිරෝධී ක්‍රම මඟින් විදේශ රැකියා සඳහා යෑම සිදුවෙනවා. ඔවුන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ අය නොවේ. විදේශ රැකියා සඳහා පිටරට ගිය අයගේ සංඛ්‍යාවේ පරස්පරතා තිබෙන්නේ ඒ නිසයි.

    රක්ෂණ ක්‍රමය හරහා විශාල මුදලක් ශ්‍රමිකයන්ට ලබාදෙන්නට හැකි වී තිබෙනවා. කාන්තාවන් විදේශ ගතවීම අඩුකරනවා වගේම, පුහුණු ශ්‍රමිකයන් වැඩි කිරීමට කටයුතු කරනවා. අලුත් වෙළඳපොළ සොයාගැනීම හරහා මැදපෙරදිගට පමණක් සීමා නොවී අලුත් වෙලඳපොළකට යැමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya