ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    චොංඡිං සම්බන්ධතා උද්පාදන කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක

    අගෝස්තු 15, 2016
    චීනයේ ‘එක් තීරයක් – එක් මාවතක්’ සංකල්පය, බටහිරකරණ ව්‍යාපාරය සහ යැංසි නදී ආර්ථික කලාප උපාය මාර්ගය යන ත්‍රෛ අපේක්ෂාවක් සරිකර ගැනීමේ අරමුණ ඇතිව ස්ථාපිත කරන ලද චොංඡිං සම්බන්ධතා උද්පාදන කාර්යාංශය මගින් සිංගප්පූරුව සමග සිදු කරනු ලබන ද්විපාර්ශ්වික ව්‍යවසායන් පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ නිරීක්ෂණ චාරිකාවක ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නිරත වූහ. 
     
    මෙහිදී කාර්යාංශය අධ්‍යක්ෂ ජෙනරාල් හන් බව්චාං මහතා ප්‍රකාශ කළේ චොංඡිං මහනගරය සහ සිංගපූරුව අතර ඇති අන්තර් සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම අවස්ථාවන් සහ ප්‍රතිලාභ පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීමට තමන් සූදානම් බවය. 
     
    මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය සහ ගුවන් තොටුපොළ මගින් ලබාගත හැකි සහාය පිළිබඳව ගැඹුරෙන් අධ්‍යයනය කිරීමට තමන් කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ දැවැන්ත ආර්ථික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා චොංඡිං සම්බන්ධතා උද්පාදන කාර්යාංශය සහ චොංජින් මහනගරයේ මහා පරිමාණ ව්‍යවසායකයන් සතු අත්දැකීම් බෙදාහදා ගැනීමට සූදානම් බවත්, බව්චාං මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    චොංඡිං මහනගරය සහ සිංගප්පූරුව අතර උපායශීලී සබඳතා ශක්තිමත් හා වැඩිදියුණු කරලීම සඳහා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ චොංඡිං මහනගර කමිටුව සහ චොංඡිං මහනගර ආණ්ඩුව විසින් චොංජිං සම්බන්ධතා උද්පාදන කාර්යාංශය ස්ථාපිත කරන ලද්දේ 2016 ජනවාරි 8දා ය. 
     
    චීනයේ වාණිජ අමාත්‍යාංශයත්, සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයත් කාර්යාංශයේ කාර්යයන් සඳහා උපරිම සහාය ලබාදෙන අතර මූල්‍ය සේවා, ගුවන් සේවා, ප්‍රවාහන හා සංවිධාන, තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ යන ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී යොමු කෙරේ. 
     
    ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ චීනයේ මධ්‍යම රජය, ප්‍රාන්ත සහ මහනගර ආණ්ඩු විදේශ රටවල් සමග සම්බන්ධතා තහවුරු කර ගැනීම ඔස්සේ චීනයේ සමස්ත ආර්ථික සංවර්ධන වේගය ඉහළට ඔසවා තැබීමට ගන්නා ප්‍රයත්නය පිළිබඳව ශ්‍රී ලංකාවේ පූර්ණ අවධානය යොමු විය යුතු බවය. 
     
    ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභියෝගයන්ට මුහුණදීමේ දී චීන ක්‍රමවේදයෙන් උගත යුතු කරුණු සහ සාධක ගණනාවක් ඇති බව ද අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා අවධාරණය කළේය. 
     
    බස්නාහිර මහනගර සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳවත්, එහි මූලික සැලසුම් සැකසීම පිළිබදවත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කරුණු පැහැදිලි කළ අතර, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී චොංඡිං සම්බන්ධතා උද්පාදන කාර්යාංශයෙන් ලබාගත හැකි සහාය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි. 
     
    ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන් ලියැං, චොංඡිං සම්බන්ධතා උද්පාදන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සුන් ෂියොං යන මහත්වරුන් සහ සම්බන්ධීකරණ ප්‍රධානී යැන් ජුන් මහත්මිය ප්‍රධාන නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya