ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    චීනයේ දත්ත සැකසුම් මධ්‍යස්ථානයක් අගමැති නිරීක්ෂණය කරයි

    අගෝස්තු 15, 2016

    චීනයේ චොංඡිං මහනගරයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (14) ෂියංතෝ (Xiantao) දත්ත සැකසුම් මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

    ආර්ථික, මූල්‍ය හා ව්‍යවසාය ආදී විවිධ ක්ෂේත්‍රයන් සඳහා සිදු කෙරෙන දත්ත සැකසුම් පිළිබඳවත්, ඒ වෙනුවෙන් නිර්මාණිත නව නිපැයුම් හා මෘදුකාංග පිළිබඳවත් මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

    මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඇති අවකාශ හා අභියෝගයන් සම්බන්ධයෙන් සිදු කෙරුණු දත්ත විමසීමක් ද අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිස හමුවේ ප්‍රදර්ශනය කර තිබේ.

    දැනට හුදකලාව පවතින මත්තල ගුවන් තොටුපොල, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා උපකාරී වන ලෙස කාර්යක්‍ෂම හා කාර්ය බහුල ගුවන් තොටුපොළක් බවට පත් කරලීම යහපාලන ආණ්ඩුවේ අරමුණ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya