ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දිවි පිදූ හා තුවාල ලැබූ රණවිරුවන් වෙනුවෙන් නිවාස

    අගෝස්තු 17, 2016

    ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට සහ රණබිමේදී තුවාල ලැබූ රණවිරුවන් සදහා ඉදිකරන ලද නිවාස 50 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින්  පසුගියදා රණවිරු අයිතියට පත්කෙරිණි.

    නිවාස ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කළේය.

     

    ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රණවිරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ පසුගිය වසරේ නිවාස 35 ක් රණවිරු අයිතියට පත්කරන ලද අතර එහි දෙවන අදියර යටතේ ඉදිකරන ලද නිවාස 50 ක යතුරු මෙලෙස අද දින ජනාධිපතිතුමා අතින් රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ගේ සමීප ඥාතීන්ට ප්‍රදානය කෙරිණි.

     

    නිවාසලාභියාගේ පවුලේ සංඛ්‍යාව, දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගත අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් ඉදිකරන ලද මෙම නිවාස සඳහා ශ්‍රම දායකත්වය සපයනු ලැබුවේ නිවාසලාභී රණවිරුවා අයත් වූ එක් එක් රෙජිමේන්තු විසිනි.

     

    මෙම නිවාස ඉදිකිරීම වෙනුවෙන් වැය වූ සියලු වියදම් දැනට සේවයේ නිරත රණවිරුවන් විසින් රණවිරු නිවාස අරමුදල වෙත පිරිනමන ලද පරිත්‍යාග මුදලින් සහ රෙජිමේන්තු අරමුදල් මගින් දරා ඇත.

     

    මේ අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ද රණවිරු පවුල්වල සාමාජිකයන් ද විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya