ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තාක්ෂණ පීඨ පහක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    අගෝස්තු 23, 2016

    විශ්වවිද්‍යාලවලට තාක්ෂණ පීඨ පහක් මේ වසර අවසන්වීමට පෙර ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා මතු කළ වාචික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනි.

     

    තාක්ෂණ විද්‍යාගාර සම්බන්ධයෙන් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා විමසූ පැනයට පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු ලබාදුන්නේ ය.

    මේ වනවිට තාක්ෂණ විද්‍යාගාර 913ක් විවෘත කර තිබෙනවා. එම විද්‍යාගාර සඳහා උපාංග මිලදී ගැනීමට වැයකර ඇති මුදල රුපියල් මිලියන 7.2ක්. තාක්ෂණ විද්‍යාගාර සඳහා ගුරුවරු බඳවාගැනීමට කටයුතු කරනවා. එදා ගොඩනැගිලි හදන්න කලින් උපකරණ අරගෙන තිබෙනවා. ගුරුවරු බඳවා ගැනීමට නිසි ලෙස කටයුතු කර නෑ. එදා සිදුව තිබූ දෝෂ රැසක් අපි නිවැරැදි කරගෙන යනවා.තාක්ෂණ විෂය අවශ්‍ය ප්‍රමාණයට ඇතුළත් කරනවා. ඉල්ලීම් තිබුණට තාක්ෂණ විද්‍යාගාර සඳහා, නිර්ණායක මතයි ලබා දෙන්නේ. එය ක්‍රමාණුකූලව අවශ්‍යතාවය අනුව සිදු කරනවා යැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya