ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට කර්මාන්ත කලාපය ඉදිකිරීමේ දී වනජීවීන් පිළිබඳ විශේෂ අවධානයක්

    අගෝස්තු 23, 2016

    හම්බන්තොට වරාය කර්මාන්ත කලාපය ඉදිකිරීමේ දී වනජීවීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත් වනජීවී ප්‍රදේශ කර්මාන්ත පුරයට ඇතුළත් නොකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය හා චීන රජයේ වාණිජ කටයුතු අමාත්‍යාංශයත් ආර්ථික, තාක්ෂණික ආයෝජන පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර හම්බන්තොට වරාය කර්මාන්ත කලාපයක්,ආරම්භ කිරීම පිළිබඳව සඳහන් වී තිබෙනවා.

     

    ඒ අනුව අපි වෙනම ආයතනයක් ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා. විදේශ ආයෝජකයන්ට ලබාදෙන්නම්, කර්මාන්ත කලාපය ආරම්භ කිරීමට. දැනට චීන සහ තායි සමාගම මූලික විමසුම් කර තිබෙනවා.

     

    මීට පෙර බලාපොරොත්තු වුණේ සම්පූර්ණ වරාය කලාපයම කර්මාන්ත පුරයක් බවට පත් කිරීමට. අපි උපරිම භූමි ප්‍රමාණය ලබාගන්නට බලාපොරොත්තු වෙනවා. මත්තල, කුඩා ඔය අතුළු ඇනෙක් ප්‍රදේශවල, ඉඩම් වෙන්කරගැනීමට සිදු වෙනවා. දැන් තිබෙන්නේ අවශ්‍ය ඉඩම් මේ දිස්ත්‍රික්ක දෙකෙන් අපි ලබාගන්නයි.මෙය විශාල ව්‍යාපෘතියක්. ඒ නිසා ක්ෂේත්‍ර ගණනාවක්. ප්‍රදේශයේ සංචාරක අංශ දියුණු කරන්න අවශ්‍ය වෙනවා. මේ නිසා එක ආයතනයක් අවශ්‍යයි.

     

    වනජීවීන් ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වනජීවී ප්‍රදේශ මේයට ඇතුළත් නොකරන්න කටයුතු කරනවා. එතැන සිටින අලි පිළිබඳව අපි සොයාබැලිය යුතුයි. වනජීවිය ආරක්ෂා කරගත යුතුයි කියලා, චීන පාර්ශවය එකඟ වී තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya