ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන්නයි-පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ග කර ගන්න කිසිදු යෝජනාවක් නෑ

    සැප්තැම්බර් 07, 2016

    අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන්නයි. බලය තවත් විමධ්‍යගත කරන්නයි, ජනතාව එකතු කරගන්නයි. අපිට පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ග කර ගන්න කිසිදු යෝජනාවක් නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධානයක් මත හෝ ජනමත විචාරණයක් හරහා හෝ වර්තමාන පාර්ලිමේන්තුවේ කාලසීමාව වසර පහ ඉක්මවා ඉටු කරගැනීමට රජය සැලසුම් කර ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිළ මහතා, විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    පැනයට තවදුරටත් පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා,පාර්ලිමේන්තුවෙන් පත් කළ ව්‍යාවස්ථා සම්පාදක මණ්ඩලයයි,සම්බන්ධීකරණ කොමිටියයි, ඒකේ විවිධ අය තෝරා තිබෙනවා,ආණ්ඩුව නොවේ එතැන කටයුතු කරන්නේ.

    ආණ්ඩුව මෙතැනට යෝජන ඉදිරිපත් කර නෑ.මෙතැන නියෝජනය වන්නේ දේශපාලන පක්ෂයි.මේ ආණ්ඩුව එක පක්ෂයක ආණ්ඩුවක් නොවේ. තවම වාර්තාව සකස් කර නෑ.ආණ්ඩුවට අයිති දේශපාලන පක්ෂ ආණ්ඩුවේ කාලසීමාව වැඩි කරන්න කිසිදු යෝජනාවක් කර නෑ.පාර්ලිමේන්තු කාලය දීර්ග කරන්න කිසිදු යෝජනාවක් ලබාදී නෑ.

     

    ආණ්ඩුවක් හැටියට කියන්න පුළුවන්,ජනාධිපතිතුමා ඇවිත් එතුමාගේ බලතල ඉවත් කරන්න කිව්වා. එදා බලතල අඩු කරනවට විරුද්ධ වුණා. එතුමා කමැත්තෙන් බලතල දුන්නා. නීත්‍යාණුකූලව අගවිනිසුරුවරිය නැවත ඒ තනතුරට පත් කළා.ව්‍යවස්ථාදායක සභාවේ බලය ක්‍රියාත්මක වෙනවා. බලය කෑදර පක්ෂවල ලක්ෂණයක් නොවේ. අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන්නයි. බලය තවත් විමධ්‍යගත කරන්නයි,  ජනතාව එකතු කරගන්නයි. අපිට පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ග කර ගන්න කිසිදු යෝජනාවක් නෑ. ජනතාවගේ මත අප නියෝජනය කළේ.

    ඔබතුමා සන්ධනයේ ද කියන්න. සන්ධානයේ නායකතුමා වන්නේ ජනාධිපතිතුමා.මාතර කිව්ව දේ කියන්නම්.ඔක්කෝම තරඟ කර තිබෙන්නේ සන්ධානයෙන්. මොකක්ද වෙන් කරන්න හදන්නේ. ඒක මට කියන්න. අවුරුදු පහක් යනවා කිව්වා, ඡන්දයෙන් පස්සේ තව පහක් යනවා කිව්වා.

    බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ. අපි දන්න හැටියට පාර්ලිමේන්තුවටයි බලය එන්න අවශ්‍යය.මෙය කරගෙන යන්නේ ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයෙන්. අපි උත්සහ කරන්නේ සම්බන්ධීකරණ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන්නයි. එතැනදී ලබෙනප්‍රතිචාර අනුවයි ඉදිරියට යන්න පුළුවන් වන්නේ. එය ආණ්ඩුව කරන වැඩසටහනක් නොවේ යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya