ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයක්

    සැප්තැම්බර් 08, 2016

    කී‍්‍රඩා අමාත්‍යාංශයේ වසරක ප‍්‍රගතිය හා ඉදිරි දැක්ම පිළිබඳව සමාලෝචනය සමඟින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) කී‍්‍රඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ශ‍්‍රවණාගාරය “ඩන්කන් වයිටි” ශ‍්‍රවණාගාරය ලෙස නම් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එමෙන්ම කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ අයට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පිළිබඳ ලියැවුණු කෘති ගණනාවක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර අශෝක ගුණතිලක මහතා විසින් රචිත “කී‍්‍රඩා පරිපාලන සහ කී‍්‍රඩාවේ ඉදිරි ගමන් මඟ” කෘතිය මෙන්ම ලලිත් ගුණවර්ධන මහතා විසින් රචිත “ඩන්කන් වයිට්” කෘතිය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණියක් පිළිගැන්වීය.

    අමාත්‍ය මලික් සමරවික‍්‍රම, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ද පළාත් කී‍්‍රඩා අමාත්‍යවරුන්ගේ සම්මේලනයේ සභාපති සබරගමුව පළාත් කී‍්‍රඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඇතුළු පළාත් කී‍්‍රඩා අමාත්‍යවරුන් ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ඇතුළු නිලධාරිහු ද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya