ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ඉතියෝපියානු විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

    සැප්තැම්බර් 08, 2016

    තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම ඉතියෝපියානු විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වෙයි.

    ඉතියෝපියානු විදේශ අමාත්‍ය Tedros Adhanom  මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වු අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

    ඉතියෝපියාව සහ ශී‍්‍ර ලංකාව අතර පවතින සාම්ප‍්‍රදායික සබඳතා  මෙහිදී සිහිපත් කළ ඉතියෝපියානු විදේශ අමාත්‍යවරයා එම සබඳතා තවදුරටත් තහවුරු කරමින් ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයක් ඉතියෝපියාවේ ස්ථාපිත කරීමට ගත් පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කර සිටියේය.

    රෝග නිවාරණ සහ සෞඛ්‍ය ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේදී  ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන සහය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළේය.

    වෙළෙඳ හා ආර්ථික ක්ෂේත‍්‍රයන් පිළිබඳ අපි‍්‍රකානු සංගමය සමඟ ශී‍්‍ර ලංකාවේ තිබෙන ශක්තිමත් සබඳතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා අද ශී‍්‍ර ලංකාව ආයෝජන සඳහා ඉතාම මිත‍්‍රශීලි රටක් බවත් සෑම ක්ෂේත‍්‍රයකම ආයෝජන අවස්ථාව සඳහා පහසුකම් පුළුල් කර ඇති බවත් කියා සිටියේය.

    මේ දිනවල කොළඹ දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව සඳහා සහභාගීවීමට ඉතියෝපියානු විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya