ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කලාව මුහුණ පා තිබෙන අර්බුදය වන්නේ කලාව ඇතුළෙන් ම ප්‍රතිකලාවක් බිහිවීමයි

    සැප්තැම්බර් 08, 2016

    මේ යුගයේ කලාව මුහුණ පා තිබෙන අර්බුදය වන්නේ කලාව ඇතුළෙන් ම ප්‍රතිකලාවක් බිහිවීම බවත් මේ පිළිබඳ පළල් සංවාදයක් සහිතව වැඩකටයුතු කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජනමාධ්‍ය නියාමන කොමිෂමක් බිහිකරන්න බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේ ය.

     

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ටෙලිනාට්‍ය, චිත්‍රපටය , කලාව සහ කලා කරුවා සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.


    මේ යුගයේ කලාව මුහුණ පා තිබෙන අර්බුදය වන්නේ කලාව ඇතුළෙන් ම ප්‍රතිකලාවක් බිහිවීමයි.සංගීතය තාක්ෂණ විද්‍යාවක්. නව කතා කරුවෙකුට විසි පන්දහසක් සිටියත් අද හැකිලෙනවා. පාඨක සමාජය හැකිලෙනවා.නාට්‍ය ගත්තොත් බාල හාස්‍යය ජනිත කරන විඟඩමක් බවට පත් වී තිබෙනවා. මේ තත්ත්වය ලංකාවේ පමණක් තිබෙන දෙයක් නොවේ, මුළු ලෝකය පුරා තිබෙනවා. කලාව ඇතුළේ ප්‍රතිකලාවක් බිහිවීම.


    හැමෝටම විවිධ මත තිබෙන්න පුළුවන්.මෙහි බැරෑරුම්කම අවබෝධ කර ගත්තොත් පැරණි දෝෂාරෝපණවලින් ඉවත් වී වැඩපිළිවෙලක් අවශ්‍ය බව පෙනෙනවා, කලාව බේරා ගන්න අවශ්‍ය නම්.

     

    කලාව ඉවරයි කියනවා. තවත් අය කියනවා, කලාව අවසන් වී නෑ, කලාත්මක කුසළතාව සමාජයෙන් ගිලිහී ගොස් කියලා. නැතිනම්, කලාවක් බිහිකරන්නට තිබුණු සංස්කෘතික පසුබිම,දැන් අපෙන් ඉවත් වී වෙනත් මානව සංස්කෘතියකට යමින් තිබෙනවා කියනවා. මෙවැනි විවිධාකාර මත තිබෙනවා. මෙවැනි බැරෑරුම් අර්බුදයක් අප අතර තිබෙනවා කියන,දැනගන්න අවශ්‍යයි. ඒ නිසා උත්තරයත් සංකීර්ණයි.

     

    අද නාට්‍ය කලාව කලාව මුහුණ පා තිබෙන ප්‍රධාන අර්බුදය,නාට්‍යශාලා නොමැතිකම පමණක් නොවේ.ඊට වඩා අභ්‍යන්තර අර්බුදයක් තිබෙනවා.රූපවාහිය කියන මාධ්‍ය කලාවේ ආරක්ෂකය ලෙස ක්‍රියා කරනවාද? නැතිනම් ප්‍රතිකලාවේ නියෝජිතයා ලෙස පෙනී සිටිනවා ද කියලා. රූපවාහිය පෙනී සිටින්නේ ප්‍රතිකලාවේ නියෝජිතයෙක් ලෙසයි.

    වැල් ටෙලිය කියන නාට්‍යයට තල්ලු වී ගොස් තිබෙනවා. ජාතික රූපවාහියට හා ස්වාධීන රූපවාහිනියට පමණයි එය සීමා කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ.අපි ඒ ප්‍රතිපත්තියට ගිහින් තිබෙනවා. වැල් ටෙලි නාට්‍ය  නිසා සුරා කෑම, බාල භාණ්ඩ ඇති වෙලා.

     

    කුමක් හෝ උත්තරයක් සෙවිය යුතුයි.රියැලිටි කලාව අද වසංගතයක් ලෙස බෝ වී තිබෙනවා ගෝලීය පරිමාණායෙන්.නූතන යුගයේ රියැලිටි කලාව සංස්කෘතිය උලා කන සූකර චර්යාවකයි නියැලී සිටින්නේ. ඒ නිසා මේ පිළිබඳ පළල් සංවාදයක් සහිතව වැඩකටයුතු කළ යුතුයි.

     

    රාජ්‍යයට තිබෙන වගකීමෙන් ගැලවෙන්න බෑ. අන්තර්ගතයට මැදිහත් වෙන්නේ නෑ. චිත්‍රපට කර්මාන්තය අර්බුදයකට මුහුණ පා තිබෙනවා.චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව සියලු දෙනා එකඟ වූ වැඩපිළිවෙලකට සූදානම් වී තිබෙනවා.


    රූපවාහිනිය සම්බන්ධයෙන් අපි සූදානමින් සිටිනවා මේ කර්මාන්තයේ සියලු දෙනා එකතු කරගෙන මේවායේ ප්‍රමිතියක් හදන්න පුළුවන්ද කියන එකඟතාවයට වැඩකරන්න. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජනමාධ්‍ය නියාමන කොමිෂමක් බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් වැදගත් සම්මුතීන් හදන්න අපි බලාපොරොත්තු වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya