ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සිනමා පාසලක් පිහිටුවීම ගැන අවධානය - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    සැප්තැම්බර් 08, 2016

    දැනටමත් සිනමා පාසලක් පිහිටුවීම ගැන අවධානය යොමු කර ඇති බවත් සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ටෙලිනාට්‍ය, චිත්‍රපටය ,කලාව සහ කලා කරුවා සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.


    ටෙලිනාට්‍ය කලාව සොදාපාළුවකට ගමන් කර තිබෙනවා.අද බරපතල තත්ත්වයකට පත් වෙලා. ප්‍රමිතිය පිළිබඳව ගැටළු මතු වී තිබෙනවා. ඒ නිසා ටෙලි නාට්‍ය පිළිබඳව පසුබෑමක් ඇති වී තිබෙනවා. ටෙලි නාට්‍ය ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කෙරෙනවා.

    රජය බලයට පත් වුණාට පසුව, රාජ්‍ය මාධ්‍යවල ටෙලිනාට්‍ය ප්‍රමිතියකින් සිදු කරන්නට කටයුතු කළා. විද්වත් කමිටුවක් පත් කළා. ලකුණු දීමේ ක්‍රමයක් සකස් කළා. නොයෙක් විදියේ කප්පන් දෙන කතා තිබුණා. දැන් ඒ තත්ත්වය නැති කරන්න කටයුතු කර තිබෙනවා. පිරිසිදු ක්‍රමයකට ටෙලිනාට්‍ය ප්‍රමිතිකරණයක් ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා.

     

    චිත්‍රපට ගැන අවධානය යොමු කර තිබෙනවා.චිත්‍රපට පෝලිම ගැන අවධානය යොමු කර තිබෙනවා. නව නිර්මාණකරුවන් රැසකගේ චිත්‍රපට රැසක් ඉදිරියේ දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරනවා. සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා.රටපුර සිනමාශාලා 154න් 40ක් ඩිජිටල්කරණය කර තිබෙනවා. ඒ සිනමාශාලා හිමියන්ගේ පෞද්ගලික මුදලින්.

    ගම්බද සිනමා ශාලා ඩිජිටල්කරණය වන්නේ ඉතා සෙමින්.මේ පිළිබඳව කමිටුවක් පත් කර ඒ වාර්තාව අගමැතිතුමාට බාර දුන්නා.ඉතාමත් කෙටි කාලයකින් සිනමාශාලා ඩිජිටල් කර අවසන් කළ යුතුයි.ඒවා පෞද්ගලිකවම කරන්න බැරි නම් ණය යෝජනා ක්‍රමයක් ද යෝජනා කර තිබෙනවා.

     

    දැනටමත් සිනමා පාසලක් පිහිටුවීම ගැන අවධානය යොමු කර තිබෙනවා.සරසවි චිත්‍රාගාරය පිළිබඳව අවධානය යො මු වී තිබෙනවා.වර්ග අඩි හතළිස්දහසක බිමක් හඳුනාගෙන තිබෙනවා.මෙවැනි සිනමා පාසලක් අවශ්‍යයි. ටෙලිනාට්‍ය විද්වත් මණ්ඩලයට අපි ඇඟිලි ගසන්නේ නෑ.ජනතාවගේ රසාඥ්ඥතාව වර්ධනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කරනවා.රසවින්දනයට භේදයක් නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya