ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කලාකරු සුබසාධනය, කලාවේ උන්නතිය උදෙසා වැඩසටහන් මාලාවක්

    සැප්තැම්බර් 08, 2016

    කලාකරු සුබසාධනය,කලාවේ උන්නතිය උදෙසා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක  කරන බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ටෙලිනාට්‍ය, චිත්‍රපටය ,කලාව සහ කලා කරුවා සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

     

    ප්‍රාදේශීය මට්ටමින් සංස්කෘතිය නැංවීමට විවිධ වැඩසටහන් සිදු කරනවා. එදා රාජ්‍ය සම්මාන උත්සව 11ක් තිබුණා. මේ වසර වන විට රාජ්‍ය සම්මාන උත්සව 15 දක්වා වැඩි වී තිබෙනවා. සංස්කෘතිය ආදායම් උත්පාදනය කළ හැකි විෂයක්.අපේ ගම පරිශ්‍රයේ සංස්කෘතිය සහ කලාව පිළිබඳව පොදු ජනතාවට දැක බලා ගැනීමට අවස්ථව සළසා දෙනවා.

     

    කලාකරුවන් වෙනුවෙන් පහැදිළි දර්ශනයක් තුළ කටයුතු කිරීමට මදිහත් වී සිටිනවා. අද විදේශීය නාට්‍ය කර්මාන්තය අතර අතරමං වූ ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා.මෙයට විසඳුම් සොයමින් සිටිනවා.

     

    අපේකම ගැන තරුණ පරපුරට උරුමකර දීමේ කටයුත්ත සිදු කරනවා. දේශීය ආහාර සංස්කෘතිය යලි නඟාසිටුවීමට කටයුතු කරනවා.''කෙතයි,බතයි අපේකමයි'' නමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, බිම් මට්ටමින්  මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. කලාකරු සුබසාධනය, කලාවේ උන්නතිය උදෙසා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා. මෙයින් කලාවේ සංවර්ධනයක් ඇතිවේයැයි බලාපොරොත්තු වෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya