ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හජ් උත්සවයට ජනපතිගෙන් සුබපැතුම්

    සැප්තැම්බර් 12, 2016

    "මනුෂ්‍යත්වය පරිත්‍යාගශීලීත්වයේ දිව්‍යමය ගුණයෙන් වර්ණ ගැන්වෙන උතුම් අවස්ථාවක් ලෙස ඊදුල්-අල්හා හෙවත් හජ් උත්සවය මුස්ලිම් මානව පරණය තුළ ස්වකීය මුද්‍රාව ගැඹුරු අනන්‍යගත කොට තිබේ.

    සාමය සහ සහෝදරත්වයේ නිම්වළලු පුවල් කරමින් සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍ර‍ජාවම ශුද්ධ වූ කුරාණයේ සහ ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම සමඟ අනුගතව සිය ආගමික භක්තිය පිළිබඳ ප්‍ර‍බල කැපවීම හජ් උළෙල තුළින් උත්කර්ෂවත් කරනු ලබන්නේ දේව භක්තියේ උපරීමය විදහා දක්වමිනි.

    මුළුමහත් ධරණී තලයේ විවිධ භූවිෂමතාවන්, විවිධ සංස්කෘතීන්, විවිධ භාෂාමය ව්‍යවහාරයන් ඇතුළු සියලු සීමාවන් අතික්‍ර‍මණය කරමින් සමස්ත මුස්ලිම් ප්‍ර‍ජාවම එකමුතුව බවේ රන්හුයෙන් යා කරන තවත් ආශ්චාර්යවත් පූජනීය වන්දනාවක් ලෙසින් ද හජ් උළෙල විශ්වීය ආගමික වතාවත් අතර ප්‍ර‍මුඛත්වයක් දිනා සිටි.

    අන්‍යෝන්‍ය ගරුත්වය තුළින් මානව සබැඳියාවේ උත්තරීතර බව ජන සන්තානයේ කැටපත් කර, එමඟින් සමාජයට මුදා හැරෙන සහජීවනයේ නව ජීවනය ලෝකය නොතිත් හදවතින් අයදින සමයක හජ් උළෙල මඟින් කරනු ලබන සොඳුරු සංඥාව අතිශයින් ම ආශ්වාදනීය වේ.

    වෙසෙසින්ම නව සමාජීයීය ප්‍රවේශයන් කරා පියවර තබන ශ්‍රී ලංකාව විෂයෙහි හජ් උළෙලෙන් නිවරණය කරනු ලබන අවකාශය අපට අතිශයින් වැදගත්ය.

    එබඳු සුබාවදී අපේක්ෂා පෙරදැරිව සමස්ත ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ප්‍ර‍ජාවට ආශිර්වාදාත්මක හජ් උළෙලකට සුබපැතුම් පිරිනමමි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya