ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉස්ලාම් දහමෙන් සැමට අගනා පණිවිඩයක් ලබාදෙනවා - අගමැති

    සැප්තැම්බර් 12, 2016

    පරිත්‍යාගයේ, එක්සත්භාවයේ, සංහිදියාවේ උත්තරීතර පාඩම වසරක් පාසා අපට සිහිපත් කර දෙන හජ් උත්සවය, ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාවගේ එකමුතු බව සහජීවනය එයින් මතුවන අධ්‍යාත්මික ආලෝකය අපට මනාව පසක් කර දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් සඳහන් කරයි.

    එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    "සමාජය තුළ වන උස් පහත් භේද දුරු කර සහජීවනයෙන් දිවි ගෙවන්නටත්, පරිත්‍යාගශීලීව තමා සතු සම්පත් නැති බැරි අය සමඟ බෙදා හදා ගන්නටත් හජ් උත්සවය ප්‍රමුඛ කොටගත් ඉස්ලාම් දහමේ හරය මුස්ලිම් ජනතාවට මෙන්ම අප සැමට ද ලබා දෙන අගනා පණිවිඩයයි.

    සමස්ත මුස්ලිම් බැතිමතුන් එක් වී ලෝක සාමය වෙනුවෙන් අල්ලාහ් දෙවියන් යදිමින්, ජීවිතය අනිත්‍ය බව සිහිපත් කරමින් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් ලෙස ද හජ් උත්සවය සැලකිය හැකි ය. කෙනෙකුගේ ධනය, බලය, නිලය හෝ තරාතිරම නොව වඩා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය බව මෙහිදී වඩාත් ඉස්මතු වේ.  


    හජ් උත්සවයේ අධ්‍යාත්මික වටිනාකම් සියලු ලෝක වාසීන්ගේ ජීවිත වඩා යහපත් කරවන්නට දායක වේවා යන පැතුමින්, සියලු මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි සුබ ප්‍රාර්ථනා කරමි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya