ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සිහි කැඳවීමක්

    ඔක්තෝබර් 01, 2016

    ඔවුන්ට ආදරය දෙන්න, ඔබගේ කල්පනාවන් නොදෙන්න මක් නිසා ද යත් ඔවුන්ට ඔවුන්ගේම කල්පනාවන් ඇති බැවිනි. යනුවෙන් දාර්ශනික කිවියර බලීල් පිබිරාන් ලියා තැබු පණිඩවිඩය ලෝක ළමා දිනය සමරමින් යළි යළිත් අප අවධාරණය කර යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

    අද දිනයට යෙදී ඇති ලෝක ළමා දින වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර එම සම්පූර්ණ පණිවිඩය පහත සඳහන් වේ.

    "සෑම දරුවෙකුම මෙලොව එළිය දකින්නේ ස්වභාවදහමේ අසිරිමත් නිමැවුම් පිළිබඳ ඇවිළුණු කුතුහළින් යුතුව, විශ්වයෙන් අයා ගත් නෙතින් ද ප්‍රහර්ෂයෙන් විවර කරගත් මුවින් ද යුතුවය. ඔවුන්ගේ ලෝකය සෞන්දර්යෙන් ද විචිත්‍රත්වයෙන් ද පිරුණු තැනකි.

    දේදුන්නේ වර්ණ රටා ද කරුණ කුජනයක ශබ්ධ මාධූර්යය ද මල්‍ පෙත්තක මුදු මෙළෙක ද විනා වැඩිහිටියන් වන අප කරපින්නා ගත් වාර්ගික, ආගමික හෝ දේශ සීමාමය බෙදීම් දරුවන්ගේ ලෝකයට විෂය නොවේ.

    ඔවුන්ට ආදරය දෙන්න, ඔබගේ කල්පනාවන් නොදෙන්න මක් නිසා ද යත් ඔවුන්ට ඔවුන්ගේම කල්පනාවන් ඇති බැවිනි. යනුවෙන් දාර්ශනික කිවියර බලීල් පිබිරාන් ලියා තැබුවේ මේ පණිවුඩය සිහිකැඳවනු සඳහාය. ලෝක ළමා දිනය සමරමින් යළි යළිත් අප අවධාරණය කර යුත්තේ ද මේ ගැඹුරු සිහි කැඳවීමයි.

    එහෙත් රටක් ලෙස මෙම අවශ්‍යතා සියල්ල තහවුරු කොට ඇති බවට කිසිසේතම අපට සතුටු විය නොහැකිය. දරවුන්ට එරෙහිව නැගෙන මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් අප මිදුණු බවට තවමත් අපට සිතුටු විය නොහැකි ය. පවුල, පාසල, ඥාති හිතමිත්‍ර සමාජය ඇතුළු සියලු තැන් දරුවන් සඳහා තැන් බවට පත් කිරීමේ බරපතල සමාජ මෙහෙයුමක් වෙත අප ගමන් කළ යුතුව ඇත්තේ එබැවිනි.

    ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් "දරුවන් සුරකිමු"නමින් වන ජාතික වැඩසටහන් අප අරඹුවේ එම බරපතල සමාජ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙමිනි.

    ලෝක දරුවන්ට නිදහස් සැරි සැරීමට සිදුසු සුරක්ෂිත හා විවිත්‍රවත් තැනක් වනු දැකීමේ රිසින් අද දින ලෝක ‍ළමා දිනය සමරන සියලු දෙනා සමඟ හඳවතින් ම එක්මෙමින් ලොව වෙසෙන සෑම දරුවෙකු වෙතම මගේ ආදරයන් සුභාශිංසනයත් පළ කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya