සත්ත්ව උද්‍යාන භූමියේ දී වික්‍රමසිංහ මහතා පිළිගන්නා ලද්දේ ඕක්ලන්ඩ් කලාපීය පහසුකම් සභාපති ශ්‍රීමත් දොන් මැකිනොන් විසිනි.
වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිස අන්ජලී ඇත් පැටවා සහ ඇයට මාතෘත්වයෙන් සලකන ‘බර්මා’ ඇතින්න වෙත ගොස් පළතුරු කැවූහ. ඡායාරූප කීපයකට ද පෙනී සිටියහ.
තිස් දෙහැවිරිදි බර්මා ඇතින්න මියන්මාරයේ උපත ලැබූවෙකි.
පින්නවල දී උපන් අන්ජලීට දැන් වයස අවුරුදු 9 කි. අන්ජලී ගේ ඇත්ගොව්වා පැවසූයේ ඇය ඉතා සනීපයෙන් හා සතුටින් සිටින බවය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.