ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරන්නේ නෑ

    ඔක්තෝබර් 04, 2016

    රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප කිසිදු හේතුවකට කප්පාදු නොකරන බවත් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා සේවකයින් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය පරිපාලන සහ කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මතුකරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

    දායක විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කිරීමට අදාළ පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට  ගෙන එන බව කී අමාත්‍යවරයා, දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉන්දියාව, ජපානය, යු‍රෝපා රටවල් ඇතුළු බොහෝ රටවල ක්‍රියාත්මක වන බවත් පැවසීය.

    රාජ්‍ය සේවකයාට හිමි  විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වුවද විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට කිසිදු අඳහසක් නොමැති බවත් එය විධිමත්ව පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya