ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටට අවශ්‍ය ඉඟුරු ප්‍රමාණය රට තුළම නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගන්නවා

    ඔක්තෝබර් 04, 2016

    රටට අවශ්‍ය ඉඟුරු ප්‍රමාණය රට තුළම නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    වසර 2015 දී ශ්‍රී ලංකාවට ආනයනය කළ ඉඟුරු ප්‍රමාණය කිලෝග්‍රෑම් ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් 336.4ක් බව කී අමාත්‍යවරයා, රටට අවශ්‍ය ඉඟුරු ප්‍රමාණය රට තුළ නිෂ්පාදනයට කටයුතු කරන බව කීය.

    වසර 2016 දී හෙක්ටයාර් 280ක් වගා කිරීමට කටයුතු කර තිබෙන බවත් ඉඟුරුවලට අගය එකතු කරමින් ප්‍රතිඅපනයනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    ඉඟුරු නිෂ්පාදනය තුන්ගුණයකින් හතරගුණයකින් වැඩිකරන්නට බලාපොරොත්තු වෙනවා.ඒ තුළින් වැඩි අගයක් අපේ නිෂ්පාදකයන්ට ලබාදෙන්නට හැකි වෙනවා.ඉඟුරු වගාවට පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව නිසා අල කුණු වීමේ දිලීර රෝගයක් ඇති වී තිබුණා. ඉඟුරු සඳහා රුපියල් 3000කට වඩා ඉහළ මිලක් පවතිනවා. දිලීර රෝගය වළක්වා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගෙන තිබෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya