ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික්ක 16ක පානීය ජල ගැටලුව විසදීමට ලක්ෂ 181ක්- ආපදා කළමනාකරණ අමාත්‍ය

    ඔක්තෝබර් 06, 2016

    පානීය ජල හිඟයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ ජල අවශ්‍යතා වෙනුවෙන් දිස්ත්‍රික්ක 16ක් සඳහා රුපියල් ලක්ෂ 181 මුදලක් නිදහස් කර තිබෙන බවත් ජල කළමනාකරණය ප්‍රතිපත්තියක් ලෙස ගෙන ඒමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

    ආපදා කළමනාකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (06) පාර්ලිමේන්තුවේ දීය.

     

    ශ්‍රී ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික්ක කීපයක මේවනවිට උග්‍ර පානීය ජල හිඟයක් ඇති වී තිබෙන බවත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා දෙමින් පානීය ජල ගැටළුව සම්බන්ධයෙන්හදිසි කටයුත්තක් සේ සළකා කටයුතු කරන්නේදැයි මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

    දිස්ත්‍රික්ක කීපයක පානීය ජල හිඟයක් පවතින බවට වාර්තා වෙනවා. පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව, වව්නියාව,අම්පාර සහ රත්නපුර ප්‍රදේශවලට පානීය ජල අවශ්‍යතාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

    දිස්ත්‍රික් හතක් අතුළුව  පානීය ජල ගැටළුවෙන් පුද්ගලයන් 4,53,881ක් පීඩාවට පත්ව තිබෙනවා.මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන වාරි ජලය විටින් විට අවශ්‍යතාවය අනුව නිදහස් කරන බව පවසා තිබෙනවා.

    දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය සභා කර්යාලවට උපදෙස් ලබාදී තිබෙනවා, ජල බවුසර් ජලය හිඟ ප්‍රදේශවලට ලබාදීමට. මේ වනවිට දිස්ත්‍රික්ක 16ක් සඳහා රුපියල් ලක්ෂ 181ක මුදලක් නිදහස් කර තිබෙනවා.ජල ටැංකි ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. මේ සඳහා ස්ථීර සාර වැඩපිළිවෙලක් අවශ්‍යයි. සැමට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියට යා යුතුයි. ජල   කළමනාකරණය ප්‍රතිපත්තියක් ලෙස ගෙන ඒමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya