ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තැලසීමියා රෝගීන්ට ඇට මිදුලු බද්ධ කිරීමේ දෙවන මධ්‍යස්ථානය මහනුවර ඉදිකෙරෙනවා

    ඔක්තෝබර් 06, 2016

    තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම,ඇට මිදුලු බද්ධ කිරීම ඇතුළු ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඉදිකෙරෙන දෙවන මධ්‍යස්ථානය මහනුවර රෝහල ආශ්‍රිතව දැනටමත් ඉදිකෙරෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශ කළේය.

    මෙම ඒකකය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති බවත් තැලසීමියා රෝගින්ට ඇට මිදුලු බද්ධ කිරීමේ පළමු ඒකකය මහරගම අපේක්ෂා පිළිකා රෝහලෙහි ඉදිකළ බවද අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.

    එහිදි මහනුවර දිස්ත්‍රීක් මන්ත්‍රි ලකී ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නයකට  පිළිතුරු දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ‍සුවඳ විලවුන් නියාමන පනත සැකසීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya