ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන කටයුතුවලට ඉඩම් අත්පත් කර ගැනීමේ දී ඉඩම් හිමියන්ට සාධාරණ වන්දි ලබාදීමට පියවර

    ඔක්තෝබර් 06, 2016

    රටේ සංවර්ධන කටයුතු සඳහා  ඉඩම් අත්පත් කර ගැනීමේ දී ඉඩම් හිමියන් වෙත සාධාරණ වන්දියක් ලබාදීමට පියවර ගන්නා බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතුසහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.


    ඉඩම් අත්කර ගැනීමේ පනත් කෙටුම්පත යටතේ නියෝගය අද (06) විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    නව රජය මේ රටේ සංවර්ධන කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කලින් නියෝග කර තිබූ පනත් අනුව විවිධ අවස්ථාවන්වල දී ඉඩම් අයිතිය පිළිබඳව හා ඉඩම් අත්පත් කර ගන්නා විටවන්දි ගෙවීමේ දී විවිධ ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා හදුනාගත් ව්‍යාපෘති 18කට බලපාන පරිදි මේ ගැසට් නියෝග නිකුත් කළා. අධිවේගී මාර්ග සහ අනෙකුත් ඉඩම් අත්පත් කර ගැනීමේ දී එවැන්නක් කර තිබෙනවා. ඉඩම් සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගැනීමේ දී ප්‍රමාද  ඇතිවන්නේ නම් ඉඩම් හිමියන් අතර ඇතිවන ගැටළු හා නියම කරන වන්දි සම්බන්ධයෙන්අසතුට හේතු කොටගෙන විටින් විට මෙවැනි නියෝග නිකුත් කරන්න සිදුව තිබෙනවා.

     

    අද වනවිට ඉඩම් අමාත්‍යාංශය ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනතේ විවිධ සංශෝධන යෝජනා කර තිබෙනවා. ඉක්මන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හා සාධාරණ වන්දියක්ඉඩම් හිමියන්ට ලබාදෙන්නට පියවර ගෙන තිබෙනවා. අපේ අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අය මහත් කැපවීමකින් රාජකාරි කරනවා. මෙය අමාරු කාර්යයක්. රටක සංවර්ධනය ආරම්භ කරන විට ඉඩම් ප්‍රශ්නය මුලින්ම ඇති වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීමේ දී වන්දි ගෙවන්න සිදුවෙනවා. වාර්තා ඉදිරිපත් කරන්න වෙනවා. විශාල පිරිසක් ඒ කටයුතු සිදු කරනවා.

     

    සීග්‍ර සංවර්ධනයකට අවශ්‍ය වැඩපිළිවෙල මේ ඉපැරැණි නීති නිසා බාධාවක් වෙනවා. මේ නිසා ඒවා නිරාකරණය කරන්න අලුත් සංශෝධන ඉදිරිපත් කරන්න කටයුතු කරගෙන යනවා. මේ ගැසට් පත්‍රෙයන් ඇතුළත් කරන්නේ තවත් අධිවේග මාර්ග දෙකකට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙලක්. කලින් සූදානම් කර තිබූ එකට එකතු කිරීමක්. මේ රජය බලයට පැමිණි පසු මධ්‍යම, මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගවලට බලපාන පරිදි මේ නියෝග නිකුත්කර තිබෙනවා. අදට බලපාන ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරමින් නව පනත් දෙකක් සම්පාදනය කරන්න පියවර ගෙන තිබෙනවා. මේ රටේ විටින් විට ඉඩම් අයිතිය සම්බන්ධයෙන් විවිධ බලපත්‍ර ලබාදී තිබෙනවා. නමුත් ඒවායේ උරුමය හා අතුරු බෙදීම් සම්බන්ධයෙන් සීමා පැවතීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් අතර ද ගැටළු ඇති වුණා. මෙවැනි ගැටළු වෙනුවෙන් පිළියම් දීමේ අරමුණින් ඉඩම වඩාත් පහසුවෙන් පරිහරයක කළහැකි පරිදි ඇතැම් සීමාවන් ඉවත් කරමින් හා ලිහිල් කරමින් නව දීමනා පත්‍රයක් ලබාදෙන්නට කටයුතු කරනවා. සින්නක්කර ඔප්පුවක් ලෙස එය පාවිච්චි කරන්න හැකිවෙනවා.

     

    ඉඩම් පරිහරය සම්බන්ධයෙන් පවතින සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් මේ නව පනත ඉදිරිපත් කරනවා. රජයේ ඉඩම් බැංකු පනතක් ද ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනවා. රජයේඉඩම් බැහැර කිරීම හා කළමනාකරණය සම්බන්ධයෙන් එමඟින් කටයුතු කරන්න අපේක්ෂා කරනවා. රජයේ ඉඩම් බැහැර කිරීම සඳහා සරල ක්‍රමවේදයක් හදුන්වාදීම ද මෙමඟින් අපේක්ෂා කරනවා. උතුරු පළාත තුළ පිහිටි පුද්ගලික ඉඩම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත්කර ගන්න බලනවා. ඉඩම් හැර ගිය මුල් අයිතිකරුවන්ට එම ඉඩම් ලබාදිය යුතු වෙනවා. එම ඉඩම් ක්‍රම ක්‍රමයෙන් නිදහස් කරගෙන යනවා. මුල් අයිතිකරුවන්ට ලබාදෙනවා. මේ වනවිට විශාල ඉඩම් ප්‍රමාණයක් අයිතිකරුවන්ට ලබාදී තිබෙනවා. අවශ්‍යම ප්‍රමාණය පමණක් රජයේ පාලනය යටතේ තබාගනිමින් සෙසු ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදෙනවා.

     

    බිම් සවිය වැඩසටහන සමාලෝචන සිදුකරනවා. 2015 වසරේ දී ඉඩම් කැබලි ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් පත්‍ර ලබාදී තිබෙනවා. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල පරිගණක ගතකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මේ වසර අවසන් වනවිට ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 15ක් සම්පූර්ණයෙන්ම පරිගණක ගතකරනවා. විවිධ අක්‍රමිකතා වළක්වන්න මෙය සිදුකරනවා. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂමේ නිර්දේශයන් 20ක් අපේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ කටයුතු කඩිනම් කරන්නට ද අපේක්ෂා කරනවා. අපි ඉදිරියේ දී ඉඩම් ගබඩා පනත ද හඳුන්වා දෙන්න ද අපේක්ෂා කරනවා. ඒ අනුව ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය කාර්යක්ෂම කරන්න හැකිවෙනවා.

     

    වන්දි ගෙවීමේ පනත් සංශෝධනය කරන්න දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හොඳ වටිනාකමක් ලබාදෙන්න හැකි වේවි. රටක සීග්‍ර සංවර්ධනයට මෙවැනි කටයුතු සිදුවිය යුතු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya